IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට ලංකාවත් අත්සන් තබයි

භානුක අමරසිංහ


සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට ශ්‍රී ලංකාවද පියවර ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගියදා වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධවලට එරෙහි සම්මුතියට අත්සන් තැබීමේ උත්සවයේදී මෙම කටයුතු සිදුව තිබේ. 
මෙහිදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම සම්මුතියට අත්සන් තබා තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ වියට්නාම ජනාධිපති ලු‍ඕං කුඕං යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සම්මුතිය සඳහා අත්සන් තැබීමේ නිල උත්සවය පවත්වා තිබේ. 
මෙහිදී අදහස් දක්වා ඇති වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම සම්මුතිය මගින් ඇති කරගන්නා ගෝලිය සම්බන්ධතා මගින් සයිබර් අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට සහ ඒවාට සාර්ථකව මුහුණ දීමට හැකි යාන්ත්‍රණයක් සකස් කිරිමට අවශ්‍ය පදනම සැකසෙනු ඇති බව සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) 2024 දෙසැම්බර් මාසයේදී නම් කෙරිණි.

 



අදහස් (0)

සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට ලංකාවත් අත්සන් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site