IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩි දියුණු කිරීමට ADB වෙතින් ඩො. මි. 90 ක ණයක්

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ 5 වැනි කොටස සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව විධිමත් ණය ගිවිසුමකට පසුගිය 31 වැනිදා අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ණය ගිවිසුමට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තැබූ බවත් ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩානෝ මහතා අත්සන් තැබූ බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝ මීටර් 500 ක් දේශගුණයට ඔරොත්තු දෙන පරිද්දෙන් වැඩි දියුණු කෙරෙනු ඇති බවත් ජාතික මාර්ග කිලෝ මීටර් 21 පුනරුත්ථාපනය කරනු ඇති බවත් මුදල් අමාත්‍යංශය පැවැසුවේය. එසේම මෙම ණය මුදල ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 100 නඩත්තු කිරීම සඳහාද පහසුකම් සපයන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩි දියුණු කිරීමට ADB වෙතින් ඩො. මි. 90 ක ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 175 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site