IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට ඉන්දීය මූල්‍යාධාර වැඩසටහන ඉහළ නංවයි

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආර්ථික වශයෙන් දුර්වල සමාජ කොට්ඨාසවල දක්ෂ සිසු සිසුවියන් සඳහා ඉන්දීය ප්‍රදාන යටතේ ඉහළ නංවන ලද මූල්‍යාධාර වැඩසටහනක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගියදා ආරම්භ කළේය. 
මෙයට පෙර කලින් අධ්‍යයන වර්ෂය සඳහා ඉන්දීය ප්‍රදාන යටතේ ආර්ථික පසුබිම සහ අධ්‍යයන දක්ෂතා මත පදනම්ව විශ්ව විද්‍යාලයෙන් තෝරා ගත් සිසු සිසුවියන් 100ක් සඳහා මසකට රුපියල් 5000 බැගින් වන ශිෂ්‍යත්වයක් ක්‍රියාවට නංවා තිබිණ. 
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාර හිමි වූ අතර මෙම යෝජනාක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කරන ලෙස සහ ඉහළ නංවන ලෙස විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන්, සිසු සිසුවියන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් ඉල්ලීම් රැසක් ඉදිරිපත් විය. ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා නිවේදනය කළේ ඉන්දියාව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සහ යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන් සඳහා වන ශිෂ්‍යත්ව යෝජනාක්‍රමය ඉහළ නංවන බවයි. 
ඒ අනුව, ඉහළ නංවන ලද ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ වර්තමාන අධ්‍යයන වර්ෂයේ සිට සෑම වසරකම පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනකුට මසකට රුපියල් 7500 බැගින් ඔවුන්ගේ අධ්‍යයන පාඨමාලා අවසන් වන තෙක් ලබා දෙනු ඇත. ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන සිව් වැනි වසර වන විට විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 400 දෙනකුට ශිෂ්‍යත්ව හිමි වනු ඇත. 

 



අදහස් (0)

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට ඉන්දීය මූල්‍යාධාර වැඩසටහන ඉහළ නංවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 428 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site