භානුක අමරසිංහ
සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වූ Logicare (පෞද්) සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය ඩේවිඩ් පීරිස් සමූහයට අයත් DP Logistics (පෞද්) සමාගම වෙත අලෙවි කළ බව එම සමාගම පවසයි.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිදුව ඇති මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් 635,300,000ක් වන බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සහ පවතින ණය සමගින් වන වර්තමාන සමස්ත වටිනාකම වන රුපියල් බිලියන 1.3 පදනම් කරගනිමින් මෙම වටිනාකම ඉදිරිපත් කර තිබේ. 2017 වසරේදී එම සමාගම මෙම Logicare (පෞද්) සමාගම අත්පත් කරගත්තේය.
සැපයුම් දාම විසඳුම් ලබා දෙන සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ මෙම Logicare (පෞද්) සමාගම සතුව අද වනවිට ස්ථාන පහක පිහිටි කාර්යාල සහ ගබඩා පහසුකම් පවතින බව පවසයි. එම ගබඩා පහසුකම්වල විශාලත්වය වර්ග අඩි 285,000ක් වන බවත්, සමාගම සතු ලොරි සංඛ්‍යාව 258ක් බවත් සඳහන් වෙයි. එසේම අද වනවිට එහි සේවයේ නියුතු සේවකයන් සංඛ්‍යාව 153 කි.
2025 නොවැම්බර් මස 04
428
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
DP Logistics රු.මි. 635කට Logicare සමාගම මිලට ගනී