භානුක අමරසිංහ
සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වූ Logicare (පෞද්) සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය ඩේවිඩ් පීරිස් සමූහයට අයත් DP Logistics (පෞද්) සමාගම වෙත අලෙවි කළ බව එම සමාගම පවසයි.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිදුව ඇති මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් 635,300,000ක් වන බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සහ පවතින ණය සමගින් වන වර්තමාන සමස්ත වටිනාකම වන රුපියල් බිලියන 1.3 පදනම් කරගනිමින් මෙම වටිනාකම ඉදිරිපත් කර තිබේ. 2017 වසරේදී එම සමාගම මෙම Logicare (පෞද්) සමාගම අත්පත් කරගත්තේය.
සැපයුම් දාම විසඳුම් ලබා දෙන සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ මෙම Logicare (පෞද්) සමාගම සතුව අද වනවිට ස්ථාන පහක පිහිටි කාර්යාල සහ ගබඩා පහසුකම් පවතින බව පවසයි. එම ගබඩා පහසුකම්වල විශාලත්වය වර්ග අඩි 285,000ක් වන බවත්, සමාගම සතු ලොරි සංඛ්‍යාව 258ක් බවත් සඳහන් වෙයි. එසේම අද වනවිට එහි සේවයේ නියුතු සේවකයන් සංඛ්‍යාව 153 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd