IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


SINGER, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි හඳුන්වා දෙමින් පරිසර හිතකාමී ගමනාගමනය බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka), TAILG  ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමගින් වූ මෙම සහයෝගීතාව, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහ පරිසර හිතකාමී ගමනාගමන ප්‍රවර්ධනය කිරීම සඳහා SINGER හි ඇති කැපවීම පෙන්නුම් කරන්නකි. 
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් SINGER (Sri Lanka) හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවසීය. “අනාගත ගමනාගමනය ප්‍රයෝජනවත්, පරිසරය හිතකාමී සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි විය යුතු බව SINGER අපි විශ්වාස කරනවා. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි වෙළෙඳ නාමයක් වන TAILG සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර හා නව්‍ය ගමනාගමන විකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක්.”‍ 
TAILG හි ආසියානු අලෙවි අධ්‍යක්ෂ ලින් පෙන්ග් මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. ”‍අපි වගේම SINGER Sri Lanka සමාගම ද පිරිසුදු හා පරිසර හිතකාමී ලෝකයකට සහාය වීමට කැමැති බැවින් ඔවුන් සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාව තුළ SINGER සතු ශක්තිමත් පැවැත්ම සහ ඉලෙක්ට්‍රික් ගමනාගමන විසඳුම් පිළිබඳ TAILG සතු ගෝලීය අත්දැකීම් එකට මුසු කළ මෙම හවුල්කාරිත්වය හුදෙක් ව්‍යාපාරික අරමුණු සඳහා පමණක් නොව, එය ඉදිරි පරම්පරා වෙනුවෙන් හරිත අනාගතයක් ගොඩනැගීම උදෙසා වූ පොදු කැපවීමකි.”‍ 
2004 වසරේ දී ආරම්භ කරන ලද TAILG, අද වන විට රටවල් 90කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන අපනයනය කරන ගෝලීය නිෂ්පාදකයකු ලෙස වර්ධනය වී ඇත. සමාගමේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඒවායේ ධාවන පරාසය, ශක්තිමත් ක්‍රියාකාරිත්වය සහ උසස් තත්වයේ නිර්මාණ ප්‍රමිති නිසා ලොවපුරා පිළිගැනීමට ලක්ව ඇත. SINGER හි දීපව්‍යාප්ත අලෙවි හා සේවා ජාලය සහ TAILG හි උසස් තාක්‍ෂණය එකට ඒකාබද්ධ කරන මෙම හවුල්කාරිත්වයෙන් ලාංකිකයන්ට ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි මිලදී ගැනීමේ හැකියාව මෙන්ම ශ්‍රී ලංකාව තුළ අලෙවියෙන් පසු සේවාවන් ද නිසි ලෙස ලබා දෙනු ඇත.
ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව TAILG මාදිලි පෙළට F71, F 55 සහ F 72 ඇතුළත් වන අතර ඒවා මෙරට පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන ලෙස නිර්මාණය කර ඇත. 1500W මෝටරයක් ​​සහ 72V 38Ah බැටරියකින් සමන්විත TAILG F71  යතුරුපැදිය පැයට කිලෝමීටර 55ක උපරිම වේගයකින් කිලෝමීටර 100ක් දක්වා ගමන් කළ හැකිය. 2000W මෝටරයක් ​​සහ ඒ හා සමාන 72V 38Ah ධාරිතාවකින් යුත් බැටරියකින් සමන්විත F55 යතුරුපැදිය, පැයට කිලෝමීටර 65ක උපරිම වේගයකින් කිලෝමීටර 100ක් ගමන් කළ හැකි ලෙස නිපදවා ඇත. තවද 96V 52Ahය බැටරියක් සහ 3000W මෝටරයකින් සමන්විත ප්‍රමුඛ පෙළේ F72 යතුරුපැදිය පැයට කිලෝමීටර 60ක උපරිම වේගයකින් කිලෝමීටර 200ක් දක්වා ගමන් කිරීමේ හැකියාවෙන් යුක්තයි. මෙම සියලු‍ම යතුරුපැදි මාදිලි අඟල් 12 ටයර්, ඉදිරිපස සහ පසුපස තැටි තිරිංග සහ උසස් බැටරි කළමනාකරණ පද්ධති වලින් සමන්විත වන අතර රතු, අළු, කොළ සහ සුදු වර්ණවලින් ලබා ගත හැකිය.

 



අදහස් (0)

SINGER, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි හඳුන්වා දෙමින් පරිසර හිතකාමී ගමනාගමනය බලගන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 428 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site