IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඕවර්සීස් රියැලිටි ඩොලර් මිලියන 14 ක ණයක් පියවයි

භානුක අමරසිංහ


හැව්ලොක් සිටි ගොඩනැගිල්ල අයත් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම, සිංගප්පූරුවේ පිහිටි සිය අනුබද්ධිත සමාගමක් වන Shing Kwan Investment Singapore Pte Ltd. මගින් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 14 ක (14,022,978.61ක) ණයට අදාළ ණය මුදල සහ පොලිය පියවීමක් සිදුකළ බව පවසයි. 
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 28 දක්වා කාලය තුළ මෙම ණය ආපසු පියවීම සිදුකළ බව සමාගම ඊයේ (28) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් පවසා සිටියි. මෙහිදී හැව්ලොක් සිටි (පෞද්) සමාගම මගින් අදාළ ගෙවීම සිදුකර තිබේ.
ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී සමාගම 2017 සහ 2018 වසරවලදී Shing Kwan Investment Singapore Pte Ltd. සමගින් මෙම ණය එකඟතාවට පිවිස ඇත. මෙහිදී කොළඹ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය සහ මිරෙකා ටවර් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය මුදලින් කොටසක් ලබා ගැනීම වෙනුවෙන් මෙම එකඟතාවට පිවිසීම සිදුව තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් 28 වැනිදා දක්වා කාලය තුළ අදාළ ණය ආපසු ගෙවීමක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 9 ක මුදලක් ද, එහි පොලී ගෙවීම ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 5ක (5,022,978,61ක) මුදලක් ද Shing Kwan Investment Singapore Pte Ltd. වෙත ගෙවූ බව සමාගම පවසයි.



අදහස් (0)

ඕවර්සීස් රියැලිටි ඩොලර් මිලියන 14 ක ණයක් පියවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site