IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් වැඩිදියුණු කිරීම Giesecke & Devrient Asia Pacific, Hong Kong සමාගමට

නිමල කොඩිතුවක්කු


ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමට ආයතනයක් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය සඳහා ද්විත්ව අදියර ලංසු තැබීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා ඇති අතර, ආයතන හතරක් අභිලාෂ ප්‍රකාශ කිරීම ඉදිරිපත් කර තිබේ.
එකී අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමේ ක්‍රියාවලියෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සුදුසුකම් සපුරා තිබූ Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong වෙතින් යෝජනා කැඳවා ඇත. 
එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සහ මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදනය එකී ආයතනය වෙත පිරිනැමීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. එකී නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් වැඩිදියුණු කිරීම Giesecke & Devrient Asia Pacific, Hong Kong සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site