IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් - IMF

 තෝමස් හෙල්බ්ලින්


 

  • පළමු මාස හයේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන
  • ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියට හේතුවූ ඇතැම් කරුණු තාවකාලිකයි

විමුක්ති එස් රුද්‍රිගු


ලබන වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙන බව එම අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත්, ඒ සමග පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගත් බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා පැවැසුවේය. එසේම මෙම වසරේ පළමු මාස හයේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
එහෙත් වර්තමානය වන විට එම ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන බවත්, ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියට හේතුවූ ඇතැම් කරුණු තාවකාලික ඒවා බවත් ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වන සියයට 3.1 ක ප්‍රතිශතයට ලබන වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය ළඟා වෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙන බව හෙල්බ්ලින් මහතා ප්‍රකාශ කළේය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා පැවැති පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණියේ එතෙක් සතුටුදායක මට්ටමක් ශ්‍රී ලංකා අත්කර ගෙන තිබූ නිසා බව ඔහු පැවැසුවේය.

එහෙත් විදුලිය ගාස්තුව සම්බන්ධයෙන් පිරිවැය මිලකරණය වැඩසටහනේ අත්‍යාවශ්‍ය සාධයක් බවත්, කාර්ය මණ්ඩල එකඟතාවෙන් පසුව සිදුවූ සිදුවීම් මේ අවස්ථාවේ අදහස් දැක්වීම වේලාසන වැඩි බවත් ඔහු ප්‍රකාශ කළේය. එය මීළඟ සමාලෝචනයේදී ඇස්තමේන්තු කරනු ඇතැයිද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ 2028 ආදායම් ඉලක්කය පිළිබඳව සැලකිලිමත් වන විට මෙම වසරේ සහ ලබන වසරේ ආදායම් ඉලක්ක පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් බවත්, මෙරට රජය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ඉතා වැදගත් බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට එය අත්‍යාවශ්‍ය කරුණක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා පැවැසුවේය.

 



අදහස් (0)

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.1 ක් - IMF

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 90 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site