IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාසල් සිසුන් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයකින් රුපියල් කෝටි 820ක්

මෙම පරිත්‍යාගය යටතේ පාසල් 30 ක යටිතල පහසුකම් දියුණු කෙරෙනු ඇති

ඇතැම් පාසල්වලට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මුළුතැන් ගෙවල්


විමුක්ති එස්. රුද්‍රිගු


ලෝක ආහාර වැඩසටහන මෙරට ක්‍රියාත්මක කර ඇති පාසල් ආහාර වැඩසටහන දිස්ත්‍රික්ක 8ත් 10ත් අතර ගණනකින් පුළුල් කරමින් පාසල් ළමයින් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයක් වන මයිකල් කෝර්ස් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 820ක් පමණ) මුදලක් පරිත්‍යාග කර ඇත.

එම සන්නාමයේ හිමිකරු වන මයිකල් කෝර්ස් පවත්වාගෙන යන “වොච් හන්ගර් ස්ටොප් කඳවුර”‍ හරහා මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. පාසල් ළමයින් 250,000 ක් සඳහා වසර තුනක් පුරාවට ආහාර සැපයීමට මෙම මුදල ප්‍රමාණවත් බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කර ඇත. එසේම මෙම පරිත්‍යාගය නැවුම් සහ දේශීය වශයෙන් ලබාගත් නිෂ්පාදන ආහාර සපයන්නන්ට ලබාදීමට සහාය වනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.

මෙම පරිත්‍යාගය යටතේ පාසල් 30 ක යටිතල පහසුකම් දියුණු කෙරෙනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය. ඒ යටතේ ඇතැම් පාසල්වලට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මුළුතැන් ගෙවල් ලබා දෙනු ඇති බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.



අදහස් (0)

පාසල් සිසුන් 250,000 කට ආහාර සැපයීමට ගෝලීය විලාසිතා සන්නාමයකින් රුපියල් කෝටි 820ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site