මෙරට ජනතාව අතර පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය ප්‍රධාන ගැටලුවක්
ඉතිරි කිරීම්වල සිට ආයෝජනයට ජනතාව හුරු කළ යුතු බවට අදහසක්
භානුක අමරසිංහ
|
මහාචාර්ය හරින්ද්‍ර දිසාබණ්ඩාර |
රටෙහි ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේදී මූලිකවම ප්‍රාග්ධන වෙළෙඳපොළ සාක්ෂරතාව හෙවත් කොටස් වෙළෙඳපොළ පිළිබඳ සාක්ෂරතාව ඉහළ නැංවීම ඉතාමත් වැදගත් අවස්ථාවක් බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති මහාචාර්ය හරින්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය මගින් ඊයේ (29) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේදී සංවිධානය කළ යුනිට් ට්‍රස්ට් හෙවත් ඒකක භාර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවැති වැඩසටහනේදී සභාපතිවරයා මෙම කරුණු සඳහන් කළේය. එම සංගමය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පවත්වන %ධනය වඩන යුනිට් ට්‍රස්ට්% වැඩසටහන සමගාමිව මෙය සංවිධානය වී තිබුණි.
විශේෂයෙන්ම අද වනවිට මෙම යුනිට් ට්‍රස්ට් ආයෝජන ක්‍රමය යනු කොටස් වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා වඩාත් පහසු ක්‍රමවේදය බව පෙන්වා දුන් මහාචාර්ය දිසාබණ්ඩාර මහතා, නොදැනුවත්කම හේතුවෙන් ජනතාවගෙන් ඉතාමත් සුළු පිරිසක් පමණක් ඒ හා සම්බන්ධව සිටින බව සඳහන් කළේය.
“ජනතාව අතර මේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ගැන දැනුවත් බව නෑ කියන්න හොඳම උදාහරණය තමයි මිලියන 22ක් ඉන්න ජනගහනයෙන් යුනිට් ට්‍රස්ට් තුළ ආයෝජනය කර තියෙන්නේ 134,000ක් පමණක් වීම. මේ නොදන්නාකමට එක හේතුවක් තමයි මිනිස්සුන්ට මේ ගැන බලන්න වෙලාවක් නෑ කියන එක. වෙලාවක් නැති වුණාම ඒක අල්ලලා දාන එක නෙමෙයි වැඩේ. ලංකාවේ ජනතාව අතර පෞද්ගලික මූල්‍ය සැලසුම්කරණය ගැටලුවක්.’’
විශේෂයෙන්ම මෙම යුනිට් ට්‍රස්ට් යනු වෘත්තීය මට්ටමේ ආයෝජන කළමනාකරුවකු මගින් සිදු කරන කටයුත්තක් බවත්, ඒ හේතුවෙන් ජනතාවට කිසිදු වදවීමකින් තොරව සිය මුදල් ආයෝජනය කිරීමට යොමු විය හැකි බවත් ඒ මහතා පවසයි.
“මේ යුනිට් ට්‍රස්ට් කියන උපකරණය හරහා අපිට අවස්ථාව ලැබෙනවා ඉතිරි කිරීම්වලින් මිදිලා පොඩ්ඩක් ආයෝජනය පැත්තට යොමු වෙන්න. අපි බැංකුවට යන්න එපා කියන්නේ නෑ. බැංකුවට යෑම අනිවාර්යයයි. හොඳ බැංකු පද්ධතියක් ලංකාවේ තියෙනවා. ඒ වගේම තමයි අපිට ආයෝජනයත් ඕනේ.’’
එහි අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ‘‘සැමට කොටසක්’’ ලෙස ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත්, ඒ හරහා සෑම පවුලක්ම මේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත සම්බන්ධ කරගැනීමත් අපේක්ෂාව බවත් සභාපතිවරයා සඳහන් කළේය.
අද වනවිට ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය හා සම්බන්ධ ආයතන 16 තාක්ෂණය සමගින් ඉතාමත් හොඳින් සම්බන්ධවී තිබෙන බවත්, බැංකුවකින් ලබා දෙන පහසුකම් හා සමානවම ආයෝජකයන්ට තමන් සිදු කරන ආයෝජනවල තොරතුරු පිළිබඳව දැනුවත් බව ලබා දෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
2025 නොවැම්බර් මස 04
90
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රට තුළ ප්‍රාග්ධන වෙළෙඳපොළ සාක්ෂරතාව ඉහළ නැංවීම වැදගත් - -SEC සභාපති