IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලෝටස් රිනිවබල් හැටන් ප්ලාන්ටේෂන්ස්හි තවත් සියයට 3.56ක කොටසක් අත්හරී

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවා වන ලෝටස් රිනිවබල් එනර්ජි (පෞද්) සමාගම එම කොටස් හිමිකාරීත්වයෙන් තවත් කොටස් 8,434,450ක් අලෙවි කර දැමූ බව පවසයි.
මෙය සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 3.56ක ප්‍රතිශතයකි. පෙරේදා දිනයේදී මෙම අලෙවිය සිදුකර ඇති අතර එක් කොටසක් රුපියල් 29.40ක් බැගින් අලෙවි කර තිබේ. ඒ අනුව ගනුදෙනුවේ වටිනාකම රුපියල් 247,972,830 කි. මෙහිදී දුර්ගා ඉන්ෆ්‍රා (පෞද්) ලිමිටඩ් සමාගම වෙත මෙම අලෙවිය සිදුකර තිබේ. 
මීට පෙර පසුගිය සැප්තැම්බර් 09 වැනිදා ද ලෝටස් රිනිවබල් එනර්ජි (පෞද්) සමාගම හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කොටස් 11,833,334ක් අලෙවි කළ අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 5 ක ප්‍රතිශතයක් විය. එහිදී කොටසක් රුපියල් 28.50 සිට 38.30ක මුදලකට වෙළෙඳපොළ වෙත එම කොටස් අලෙවි කෙරිණි. 2025 ජුනි මාසය අවසන් වනවිට එම සමාගම තුළ ලෝටස් රිනිවබල් එනර්ජි (පෞද්) සමාගම සතු වූ සමස්ත කොටස් ප්‍රමාණ 179,034,370ක් විය. එය සමස්ත කොටස් අතරින් සියයට 75.85 කි.



අදහස් (0)

ලෝටස් රිනිවබල් හැටන් ප්ලාන්ටේෂන්ස්හි තවත් සියයට 3.56ක කොටසක් අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 90 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site