IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවති දැනුම මිණුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලයට

සඳලංකාව හේමලතා ඩී. හේවගේ 


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාව සහ දංකොටුව විදාතා සම්පත් මධ්‍යස්ථානය එක්ව 2025 ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ ප්‍රදේශයේ පාසල් අතර පැවති විද්‍යා දැනුම මිනුම තරගය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කොට්ඨාසයේ පාසල් සිසුන්ගේ විද්‍යා හා තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම තරගයට පාසල් 06 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 06 ක් සහභාගීවිය. මෙම දැනුම මිනුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ගනු ලැබූ අතර, දෙවැනි ස්ථානය දංකොටුව බාලිකා මහා විද්‍යාලීය කණ්ඩායම සහ තෙවැනි ස්ථානය කිරිමැටියාන ධර්මාරාම බාලක විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
මෙහිදී ජයග්‍රාහනය කළ කණ්ඩායම් සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මුදල් තිළිණ පිරිනැමුණි. මෙම අවස්ථාවට දංකොටුව ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර, දංකොටුව විද්‍යා හා තාක්ෂණ නිලධාරි ජයශාන්ත ජයවීර යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ජාතික ඉතිරි කිරීමේ බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූ පාසල්වල ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සිසු සිසුවියන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

 ප්‍රථම ස්ථානය දිනාගත් මැල්ලව කනිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායමට දංකොටුව ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර යන මහත්ම මහත්මීන් අතින් මුදල් ත්‍යාග වවුචරය පිරිනමන අයුරු.

දෙවැනි ස්ථානය දංකොටුව බාලිකා මහා විද්‍යාලීය කණ්ඩායමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර මහතා අතින් මුදල් ත්‍යාග වවුචරය පිරිනමන අයුරු.

 තෙවැනි ස්ථානය දිනාගත් කිරිමැටියාන ධර්මාරාම බාලක විද්‍යාලීය කණ්ඩායමට ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා කළමනාකරු දිනේෂ් කුමාර මහතා අතින් මුදල් ත්‍යාග වවුචරය පිරිනමන අයුරු.

 

එම අවස්ථාවට සහභාගි වූ පිරිසෙන් කොටසක්



අදහස් (0)

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවති දැනුම මිණුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site