IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


JF පැකේජින් රුපියල් මිලියන 600 ක මූලික කොටස් නිකුතුව හෙට

නිකුතුවට ප්‍රථමයෙන්ම අතිවිශාල ඉල්ලු‍ම්පත්‍ර ප්‍රමාණයක් හිමිවෙලා

රැස් කරගන්නා මුදල් දැනට පවතින ණය අඩුකර ගැනීමට සහ මෙහෙයුම් වර්ධනයට 


භානුක අමරසිංහ 


මෙරට තුළ නම්‍යශීලී ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන JF Packaging Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට නියමිත මූලික මහජන කොටස් නිකුතුව (IPO) හෙට (30) මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ට විවෘත කරන බව පවසයි. 

මෙහිදී සමාගම මගින් කොටස් 51,724,144ක් නිකුත් කිරීමට නියමිතව ඇති අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 30.6 කි. එහිදී කොටසක් රුපියල් 11.60ක් බැගින් මිල කෙරී තිබේ. නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 600 කි. පසුගියදා මෙම නිකුතුවට ඉල්ලු‍ම්පත්‍ර භාර ගැනීම ආරම්භ වූ අතර, මේ දක්වා ඊට හොඳ ප්‍රතිචාර හිමිව ඇතැයි සමාගම සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි සමාගමේ සභාපති එස්. ඩී. ආර්. අරුද්ප්‍රසාගම් මහතා මෙම රැස් කරගන්නා රුපියල් මිලියන 600 ක මුදල සිය සමාගම සතුව ඇති ණය පියවීම සඳහා යොදා ගන්නා බව පවසා සිටියේය. ඒ හරහා සමාගමේ ශේෂ පත්‍රය වඩාත් ශක්තිමත් කිරීම සහ ඉදිරි ආයෝජන සඳහා අවශ්‍ය මූල්‍යමය ස්ථාවරත්වය ඇතිකර ගැනීම අරමුණ බවත් සඳහන් කළේය.



අදහස් (0)

JF පැකේජින් රුපියල් මිලියන 600 ක මූලික කොටස් නිකුතුව හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site