භානුක අමරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු පත් කළ බව පවසයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, මුදල් අමාත්‍යවරයා විසින් මෙම පත් කිරීම් සිදු කර තිබේ.
ඒ අනුව මෙතෙක් කලක් මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා ඔක්තෝබර් 24 වැනිදා සිටත්, සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ කේ. ජී. සී. සිරිකුමාර මහතා නොවැම්බර් 03 වැනිදා සිටත් ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස පත් කර තිබේ.
මේ අතරින් ආචාර්ය අමරසේකර මහතා වසර 22කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පත්වීමට ප්‍රථම, ආචාර්ය අමරසේකර මහතා ආර්ථික පර්‌යේෂණ, සංඛ්‍යාන, වෙළෙඳපොළ මෙහෙයුම්, පහසුකම් කළමනාකරණ මෙන්ම සාර්ව විචක්ෂණතා අධ්‍යයන යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති තනතුර හෙබවීය.
එමෙන්ම ඔහු මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කර තිබේ.
එසේම කේ. ජී. පී. සිරිකුමාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර වසර 25කට අධික කාලයක් විවිධ තනතුරු හොබවමින් සේවය කර ඇත. නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස පත්වීමට ප්‍රථම, ඔහු සහකාර අධිපතිවරයකු ලෙස වරින් වර, ව්‍යවහාර මුදල් කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, තැන්පතු රක්ෂණ, මූල්‍ය අංශ නිරාකරණය, මූල්‍ය සහ අනෙකුත් ආයතනික සේවා ඇතුළු කාර්ය ගණනාවක් අධීක්ෂණය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2132
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනෙක්