
ශ්‍රී ලාංකීය බැංකු සහ මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන් මග තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වී ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන 4 පසුකරයි. මහජන බැංකුව සිය ඩිජිටල් බැංකු සේවා කළඹ යටතේ අන්තර්ජාල බැංකු පහසුකම, ජංගම බැංකුකරණ යෙදවුම සහ People’s Pay Wallet App හරහා ගනුදෙනුකරුවන්ට නව්‍ය හා සුවපහසු බැංකු පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. ගනුදෙනුකරුවන්ට පහසුවෙන් සහ ආරක්ෂිතව ප්‍රවේශ විය හැකි පරිදි මහජන බැංකුවේ ඩිජිටල්කරණ වේදිකාව ගොඩනගා තිබෙනවා. මෙසේ මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන් පිරිසක් අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වඩ වඩාත් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දීමට සහ 2030 වන විට ජාතික උපායමාර්ගික ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දායක වීමට මහජන බැංකුව අඛණ්ඩව කටයුතු කරනවා.’
මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි වික්‍රම නාරායන මහතා මෙසේ පැවසීය. ‘අපගේ ඩිජිටල් බැංකුකරණ පහසුකම් සඳහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන හතර පසුකිරීම බැංකුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සමග මහජනතාව වැළඳගත් බවට මනා නිදසුනක්. සිය මූල්‍ය ගමන් මගේ විශ්වාසනිය හවුල්කරු ලෙස, මහජන බැංකුව කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසයට අපගේ කෘතවේදිත්වය පිරිනමනවා.’
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා මෙසේ පැවසීය. ‘මහජන බැංකුවේ 4,000,000 වන ඩිජිටල් බැංකු ගනුදෙනුකරු වීම පිළිබඳ මා ඉමහත් සතුටට පත්වෙනවා. රටේ ආර්ථික හා මූල්‍ය සංවර්ධනයට ක්‍රියාකාරිව දායක වීමට ගනුදෙනුකරුවන් බලගැන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට මම ස්තුතිවන්ත වෙනවා. මහජන බැංකුවට මම සුබ පැතුම් පිරිනමනවා.
මහජන බැංකුවේ 4,000,000 වන ඩිජිටල් බැංකු ගනුදෙනුකරු වූ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි වික්‍රම නාරායන යන මහත්වරුන් සමග. ප්‍රධාන තොරතුරු නිලධාරි ධම්මික දාසා, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි - පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා අරුණි ලියනගුණවර්ධන සහ ප්‍රධාන ඩිජිටල් නිලධාරි මංගල කාරියවසම් යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයේ වෙති.
2025 නොවැම්බර් මස 04
90
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනුකරුවෝ මිලියන 04 ඉක්මවයි