IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ආයෝජන තවත් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි

ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් 


ආයෝජන ආරක්ෂා කිරීමට වංචා හා දූෂණ ක්‍රියා සිදුවීමට තිබෙන අවදානම් අවම කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුයි

ආයෝජන ලබා ගැනීම තරගයක්. ලෝකයේ සෑම රටක්ම එම තරගයේ තරගකරුවන් 

ජර්මානු සමාගම් ආයෝජන කිරීමට පෙර සෑම රටක්ම අනෙක් රටවල් සමග සංසන්දනය කරනවා

බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන කාලය, නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ගතවන කාලය වැනි කරුණු විශේෂයි 

ශ්‍රී ලංකාවේ ඉඩමක් මිලදී ගැනීම ආයෝජකයන්ට ඉතාමත් අපහසු කාරණයක්

නිවසින් බොහෝ දුර තමාගේ නොවන ඉඩමකට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක විශාල මුදලක් ආයෝජනය කරන්නේ ඇයිදැයි ජර්මානු ආයෝජකයන් සිතනවා

අනෙක් රටවල්වලදී ජර්මානු ආයෝජකයන්ට පහසුකම් ලැබෙනවා. එය ශ්‍රී ලංකාවට අවාසියක්

ඉක්මනින් ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති

ලංකා ආර්ථිකය ජී.එස්.පී ප්ලස්‌ සහනය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නේ නෑ


විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලංකා රජය වැදගත් තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කරන බව සහතික කරන්නේ නම් මෙරට තවත් ආයෝජන සිදුකළ හැකි බවත් කර ඇති ආයෝජන තවත් පුළුල් කළ හැකි බවත් ජර්මානු සමාගම් තමන් සමග පැවැති හමුවකදී ප්‍රකාශ කළේ යැයි මෙරට ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ඊයේ (28) පැවැති වටමේස සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එහිදී මෙරට ආයෝජනය කිරීමට ඇති පරිසරය වැඩිදියුණු වෙමින් පැවැතියත් ඒ සඳහා වැදගත් වන තීරණ ක්‍රියාත්මක කිරීමේදී රජය ඉක්මන් විය යුතු බව ජර්මානු සමාගම් එහිදී පෙන්වා දුන් බව තානාපතිවරයා පැවැසුවේය. තම ආයෝජන ආරක්ෂා කිරීමට වංචා හා දූෂණ ක්‍රියා සිදුවීමට තිබෙන අවදානම් අවම කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බව හමුවේදී එම සමාගම් ප්‍රකාශ කළ බව ආචාර්ය නියුමන් මහතා සඳහන් කළේය.

ආයෝජන ලබා ගැනීම තරගයක් බවට පත්ව ඇති බවත් ලෝකයේ සෑම රටක්ම එම තරගයේ තරගකරුවන් බවට පත්ව තිබෙන බවත් ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේය. ජර්මානු සමාගම් ආයෝජන කිරීමට පෙර සෑම රටක්ම අනෙක් රටවල් සමග සංසන්දනය කරන බවත් බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන කාලය, නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ගතවන කාලය වැනි කරුණු එහිදී සලකා බලන බවත් ආචාර්ය නියුමන් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ ඉඩමක් මිලදී ගැනීම ආයෝජකයන්ට ඉතාමත් අපහසු කාරණයක් වී තිබෙන බව ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේය. මෙරට ආයෝජනය කිරීමට පැමිණෙන්නකුට කළ හැක්කේ ආයෝජනය සඳහා ඉඩමක් වසර 30කට, 50කට හෝ 70කට බදු ගැනීම බවත් නමුත් ඒ සඳහා ද මෙරට බලධාරීන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමට ආයෝජකයන්ට සිදුවන බවත් ආචාර්ය නියුමන් පැවැසුවේය.

නිවසින් බොහෝ දුර තමාගේ නොවන ඉඩමකට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක විශාල මුදලක් ආයෝජනය කරන්නේ ඇයිදැයි ජර්මානු ආයෝජකයන් සිතන බව තානාපති නියුමන් ප්‍රකාශ කළේය. මේ සියලු‍ තීරණ ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගන්නා තීරණ බවත් ශ්‍රී ලංකාව ගන්නා තීරණවලට ජර්මනිය ගරු කරන බවත් ඔහු පැවැසුවේය.

එහෙත් අනෙක් රටවල්වලදී ජර්මානු ආයෝජකයන්ට මෙම පහසුකම් ලැබෙන බවත් එය ශ්‍රී ලංකාවට අවාසියක් ගෙන දෙන බවත් ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ප්‍රකාශ කළේය. ඉහත පහසුකම් සියල්ල අනෙක් රටවල් ලබාදෙන විට ජර්මානු ආයෝජකයන් පමණක් නොව ජාත්‍යන්තර ආයෝජකයන්ද ශ්‍රී ලංකාව අත්හැර එම පහසුකම් ලබාදෙන රටවල් තෝරාගන්නා බව ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව, ගෝලීය ප්‍රවණතාව ගමන් කරන දිශාවට ගමන් කිරීම ආරම්භ කර ඇතත් වැදගත් තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඉක්මන් විය යුතු බව ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේය. ඉක්මනින් ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට ඉන් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවත් එවිට වඩාත් ගුණාත්මක ආයෝජන මෙරටට පැමිණෙනු ඇති බවත් තානාපතිවරයා පැවැසුවේය.

ජර්මනිය යනු ධනවත් සියලු‍ දෙයින් සම්පූර්ණ රටක් බවත් ජර්මනිය ආයෝජන සහ අපනයන රටක් ලෙස හැඳින්විය හැකි බවද ආචාර්ය නියුමන් ප්‍රකාශ කළේය. ජර්මනිය තුළ විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය සඳහා වෙන්ව තිබෙන බවත් ඉන් තමන්ට අවශ්‍ය ආයෝජන ප්‍රමාණය ලබා ගැනීම ඒ ඒ රටේ කාර්යය බවත් තානාපතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකාව නිවැරදි ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කළහොත් නව ආයෝජන මෙරටට පැමිණෙනු ඇති බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ජර්මානු සන්නාම 300 කට වැඩි ගණනක් මෙරට තිබෙන බවත් ජර්මානු සන්නාම රාශියක් ඍජු හෝ වක්‍රාකාරයෙන් මෙරට සිටින බවත් මෙරට ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ප්‍රකාශ කළේය. මෙරට ඉතිහාසයේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයේදී කිසිම ජර්මානු සමාගමක් ශ්‍රී ලංකාව අත්හැර දමා නොගිය බවත් ලාබ අඩු කාලවලදී පවා ජර්මානු සමාගම් ශ්‍රී ලංකාව සමග සිටි බවත් ඔහු පැවැසුවේය.

ජර්මනිය යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස්‌ සහනයට සහාය ලබා දෙන රටක් බවත් ජී.එස්.පී ප්ලස්‌ සහනය ශ්‍රී ලංකාවට ද ලබා දෙමින් යුරෝපා සංගමය මෙරටට විශේෂ වරප්‍රසාදයක් ලබා දී ඇති බවත් ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ විශාලතම වෙළෙඳපොළ ජර්මනිය බවත් නමුත් ශ්‍රී ලංකා ආර්ථිකය ජී.එස්.පී ප්ලස්‌ සහනය නිසි ආකාරයෙන් ප්‍රයෝජනයට නොගන්නා බවත් ඔහු පැවැසුවේය.

අපනයන විවිධාංගීකරණය කරමින් ජී.එස්.පී ප්ලස්‌ සහනයෙන් නිසි ප්‍රයෝජනය ගන්නා ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයෙන් ඉල්ලා සිටින බවද ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේය. 
එසේම රටක බදු ආරක්ෂා කරන්නේ ආර්ථිකයේ තරගකාරී කොටස නොවන බවත් විදේශ භාණ්ඩයකට බදු පැනවී එම භාණ්ඩය මිල අධික වූ විට පාරිභෝගිකයා එම භාණ්ඩය මිලදී ගැනීමෙන් වැළකී සිටින බවත් ආචාර්ය නියුමන් මහතා පැවසුවේය.
එසේම මෙරට ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජර්මානු ප්‍රතිපත්තියට බෙහෙවින් සමාන බවත් එය ශ්‍රී ලංකාව වත්මන් ගෝලීය ප්‍රවණතාව සමග ගමන් කිරීමක් බවත් ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කළේය. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු‍ දෙනාටම ඒ සඳහා ආරාධනා කළ බවත් එය නිවැරදි තීරණයක් බවත් ආචාර්ය නියුමන් මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජර්මනියට කිසිසේත්ම ගැටලු‍වක් නොවන බව මෙරට ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සෑම රටකම මිතුරකු බවත් කිසිම රටක් සමග ශ්‍රී ලංකාවට සතුරුකමක් නොමැති බවත් තමන් දන්නා බව තානාපතිවරයා පැවසුවේය.
සෑම දෙනාටම මෙරට මුහුද භාවිත කළ හැකි බවත් ශ්‍රී ලංකාව සෑම පාර්ශ්වයකටම සාධාරණව සලකන බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. මෙරට හරහා වැටී ඇති මුහුදු මාර්ගවලට භාවිත කළ හැකි ගැඹුරු මුහුදු වරාය ශ්‍රී ලංකාව සතුව තිබෙන බවත් ආචාර්ය නියුමන් මහතා සඳහන් කළේය. 
ශ්‍රී ලංකාව, ලෝකයේ කිසිම කොටසකට හෝ රටකට තම වරායන් භාවිත කිරීමට විශේෂ වරප්‍රසාද ලබා දී නොමැති බවත් ලෝකයේ සියලු‍ම රටවලට මෙරට වරාය එක හා සමානව භාවිත කළ හැකි බවත් ජර්මානු තානාපතිවරයා පැවසුවේය.
විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී ශ්‍රී ලංකාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය. 
ජර්මනියේ මෙන්ම ජාත්‍යන්තර නාවික නිදහස පිළිබඳ ප්‍රතිපත්තිය ද එය බව ආචාර්ය නියුමන් මහතා සඳහන් කළේය. මුහුද සියලු‍ දෙනාටම සාමකාමීව භුක්ති විඳීමට අයිතියක් තිබෙන බව ඈත අතීතයේ සිට පැමිණෙන මතයක් බව ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවයට ජර්මනිය ගරු කරන බවත් එය ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ගත් තීරණයක් බවත් ජර්මානු තානාපතිවරයා පැවසුවේය. 
එහෙත් කුඩා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව භෞමික අඛණ්ඩතාව මත යැපීම වෙනස් ආකාරයකින් සිතීම වඩාත් සුදුසු බවත් නමුත් ඉදිරියට කටයුතු කරන ආකාරය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාව බවත් ආචාර්ය නියුමන් මහතා ප්‍රකාශ කළේය.
මෙරට පිහිටීම උපාය මාර්ගිකව වැදගත් බවත් කලාපයේ වැදගත් මුහුදු මාර්ග කිහිපයක් ශ්‍රී ලංකාව හරහා වැටී තිබෙන බවත් ජර්මානු තානාපතිවරයා පැවසුවේය. 
ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුවත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ජර්මනියේ ආරක්ෂාවට ඉතා වැදගත් බවද ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා සඳහන් කළේය.
පාත්ෆයින්ඩර් පදනම ඊයේ (28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කළ වටමේස සාකච්ඡාවකදී ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

ආයෝජන තවත් පුළුල් කිරීමට ආණ්ඩුව තීරණ ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site