මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන් සමථයට පත්ව තිබේ.
නිට්ටඹුව තිහාරිය ප්රදේශයේ නිවෙසකින් වාර්තා වන මෙම සිද්ධියට අනුව නිවෙසේ ගෑස් ළිප ළඟට මෙම මෝදක ගුලිය පැමිණියේ කෙසේ ද යන්න ප්රධානතම ගැටලුව බවට පත්ව තිබිණ.
කෙසේ වෙතත්, බිරිය සැමියාගෙන් ඒ ගැන විමසීම් කළ ද, එයට නිසි පිළිතුරක් නොලැබීම හේතු කරගෙන ඔවුන් දෙදෙනා අතර මෙම ආරාවුල හටගෙන තිබේ.