IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


කසිප්පු පෙව්වැයි ගනුන්ගෙන් අම්බානට ගුටි කාලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


මළ ගෙදරක් ආසන්නයේ ගලක් උඩ සිට ගමේ පිරිමින්ට කසිප්පු අලෙවි කළැයි කාන්තාවන් පිරිසක් එකතු වී පුද්ගලයකුට පහරදී ගල පල්ලට තල්ලු‍ කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
පසු ගිය දිනක කෑගල්ලේ ගම් බද ප්‍රදේශයේ නිවසක තරමක් තරුණ පුද්ගලයෙකු මිය ගොස් තිබුණි. මෙම අවමංගල්‍ය නිවසකට රාත්‍රි කාලයේ බොහෝ පිරිසක් ආවා ගියහ. මළ ගෙදරට එන යන පිරිසට ගමේ පුද්ගලයෙක් මළ ගෙදර ආසන්නයේ ඇති ගලක් උඩට නැග කසිප්පු අලෙවි කළේය.


පිට ගමකින් පැමිණි පිරිසක් ද කසිප්පු වෙළෙන්දාගෙන් කසිප්පු පානය කර මළ ගෙදරට පැමිණ 304 කාඩ් සෙල්ලම් කරමින් සිටි පිරිසක් සමග සෙල්ලම් කිරීමට එක් වූහ.
ටික වේලාවක් ගත වෙද්දී සෙල්ලම් කරමින් සිටි දෙපාර්ශවයක් අතර බූරු කොළයකටයි ආසියා කොළයකටයි බහින් බස් වීමක් සිදු වී කෑ කෝ ගසන්නට වූහ. අවසානයේ අවමංගල්‍ය නිවසට පැමිණ සිටි සියලු‍ දෙනා ද එතැනට ගොස් දෙපාර්ශවය සමථයකට පත් කර ආපසු පිටත් කර යැවූහ.
මේ සියල්ලට මුල කසිප්පු හින්දා යැයි පවසා ගමේ කාන්තාවෝ පිරිසක් කතිකා කර අද නම් කසිප්පු වෙළෙන්දාට හොඳ පාඩමක් උගන්වනවා යැයි පවසා ගල උඩට වී කසිප්පු අලෙවි කරන්නා වෙත ගියහ. ඒ වෙනකොටත් වෙළෙන්දා අවට තව පිරිසක් පානය කර බඹර මතින් සිටින අයුරු දැක ඇති කාන්තා පිරිස අපටත් පැකට් කිහිපයක් දෙන්න යැයි එක් කාන්තාවක් රුපියල් 1000 නෝට්ටුවක් දික් කර වෙළෙන්දාගෙන් ඉල්ලු‍වාය. 
මොන පැකට් ද මම පැකට් විකුණන්නේ නෑ අක්කා වෙළෙන්දා පැවසීය. පසුව කාන්තාවන් පිරිස වෙළෙන්දා පිටුපස තිබුණු කසිප්පු මල්ල උදුරා ගෙන හොඳටම තඩි බා මල්ල ද ගල පල්ලට විසිකර ඔහු ද ගල පල්ලට තල්ලු‍ කළේය
ගල පල්ලට තල්ලු‍ කර සිටිය ද වෙළෙන්දාට සිරීම් තුවාලයක් ද සිදු නොවුණි. ගල පල්ලේ සිට උඩ බලාගෙන සිටි වෙළෙන්දාට ගමේ කාන්තාවෝ මෙසේ කීහ. මීට පස්සේ ගමේ කසිප්පු විකුණන්න බෑ අපි ඉන්නකම් හරි ද. පොලීසියට එහා අපි දරුණුයි. ගමේ ගෑනු මීට පස්සේ එකතු වෙලා උඹ අල්ලාගෙන ගහක බඳිනවා. ඊට පස්සේ පොලිසියට භාර දෙනවා. මේක හැමදාම කරන්න බෑ. අපේ ගෙවල්වල පිරිමින් උඹෙන් බීලා ඇවිල්ලා අපට දරුවන්ට රෑට ඉන්න දෙන්නේ නෑ යැයි පැවසුවාය. එදා සිට අද දක්වා කසිප්පු වෙළෙන්දා වෙළඳාම අතහැර දමා ඇතැයි වාර්තා වෙයි.



අදහස් (0)

කසිප්පු පෙව්වැයි ගනුන්ගෙන් අම්බානට ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16949 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 670 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site