IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තමන්ගේම තෙල් තමන්ටම විකුණලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


වැල්ලේ වැටකෙයියා පඳුරක් අස්සේ පෙම් කෙළින්නට ගොස් සිය යතුරු පැදියේම ඉන්ධන තමාට දෙගුණ තෙගුණ මිලකට මිලදී ගැනීමට සිදු වූ පෙම්වතකු පිළිබඳව පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ප්‍රදේශය අම්බලන්ගොඩ පටබැඳිමුල්ලය. තැන එම ප්‍රදේශයේ පිහිටා ඇති ආදාහනාගාරය පිටුපස වැල්ලේ වැටකෙයියා පඳුරක්ය. මෙතනට ජෝඩු  එන්නේ කලක පටන්. ඒ පෙම් සුවඳ විඳීමටයි කියමිනි. මෙලෙස එතැනට කොල්ලන්, කෙල්ලන් එන්නට පටන් ගත්තේ එහි ස්ථාපිත කෙරුණු වෙරළ උද්‍යානයත් සමගමය.             
සමහර ජෝඩු මෙතනට එන්නේ පා ගමනෙනි. යතුරු පැදිවලින් එන අය ද නැත්තේ ද නොවේ. අපේ කතාව එසේ යතුරු පැදියෙන් පැමිණි ජෝඩුවක් ගැනය. එසේ නැතහොත් අවුරුදු දාහතේ දහඅටේ දෙදෙනෙකු ගැනය.
ඔවුන් දෙදෙනා ආ යතුරු පැදිය වැල්ලට පෙනෙන නොපෙනෙන දුරින් බොහෝම පරිස්සමට හෙවණේ ගසක් යට නතර කෙරුණේය. දෙන්නට දෙන්නා අත්වැල් පටලාගෙන වැල්ලේ වැට කෙයියා පඳුරක් අස්සට රිංගූහ.
දෙන්නාම ප්‍රබෝධමත් සිනා කැකුළු මල් මුවේ නගා ගෙන පැමිණියේ තමන් ආ යතුරු පැදියේම නැගී කිසිවක් නොවූ අයුරින්ම සුටුස් ගා සිය නිවෙස්වලට රිංගීමටය.
පෙම්වතා සිය යතුරු පැදියට යතුර දමා එය පණ ගැන්වීමට උත්සහා කළේය. වෙනදා යතුර දමා එක පහ පහරකින් පණ ගැන්වුණු සිය යතුරු පැදිය මෙදා පා පහර දහපහළවක් ගැසුවත් පණ ගැන්වීම බොරු විය.
එද්දී සිය යතුරු පැදියට ගසාගෙන ආ ඉන්ධන ඉවරවීමටද ඉඩක් නොමැති බව පෙම්වතා සිතුවේය. එහෙයින් ඔහු තව තවත් වෙර දරා යතුරු පැදියේ පැඩලයට පහර පිට පහර දුන්නේ මුළු පරිසරය අඳුරින් වෙලා ගැනීමට ප්‍රථමව සිය පෙම්වතියට ඇයගේ නිවසට යාමට ඉඩහසර සලසාදීමේ අටියෙනි.
එහෙත් යතුරු පැදිය නොවේ හූම් ශබ්දයක්වත් හඬ නැගූවේ. ඔය අස්සේ ඔතනට ගැටයෙකු එන්නේ වැල්ලට යන ආකාරයටය. මොකෝ මල්ලී බයිසිකලය ඉෂ්ටාඩ් නැද්ද? බලන්න ටැංකියේ තෙල් තිබේදැයි කියලා මේ ගැටයාගේ උපදෙසය. අයියේ මම එනකොටයි තෙල් ගහගෙන ආවේ පෙම්වතා පෙරලා කීවේය. මම කිව්වට බලන්නකෝ ටැංකිය ඇරලා තෙල් තිබේදැයි කියලා ගැටයා ඒ සම්බන්ධයෙන් ප්‍රාඥයෙක් මෙන් ටිකක් තදින් කීවේය.


මුවින් කිසිත් නොකී පෙම්වතා සිය යතුරු පැදියේ තෙල් ටැංකිය විවෘත කළේය. හත්දෙයියනේ තෙක් කඳුළක්වත් නැහැනේ. කවුරුහරි තෙල් ඇදලා. අයියේ දැන් මොකද කරන්නේ යයි ඔහු ගැටයාගෙන් ඇසුවේය.
කොහේද ඉතිං වැටකෙයියා පඳුර අස්සට රිංග ගත්තාම මෙලෝ දෙයක් මතක නැහැනේ. ඒ අස්සේ කවුරුහරි බයිසිකලේ තෙල් ටික අදින්න ඇති. තෙල් ගහ ගන්න බයිසිකලේ කිලෝමීටර් දෙකක් විතර තල්ලු‍ කර ගෙන යන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්නත් බැහැනේ. මොකද කිසිම දෙයක් නොවුණු ගානට මේ නංගිත් අඳුර වැටෙන්න කලින් ගෙදර යවන්නත් එපානේ, යයි ගැටයා කීවේ නංගිගේ හොර මුහුණ දෙස බලාගෙනමය.
ඒක තමයි අපි දැන් මොකද කරන්නේ අයියේ. ඒ පෙම්වතා ගැටයා ඉදිරියේ පිංසෙන්ඩු වෙන අයුරුය. මම දන්න ගෙදරක් තියෙනවා තෙල් බෝතලයක් ගන්න පුළුවන්. හැබැයි බෝතලයට ඩබල් ගෙවන්න වෙනවා. කමක් නැහැ කමක් නැහැ අයියේ මට ඒ උදව්ව කරන්න. මම අයියාටත් රුපියල් පන්සීයක් දෙන්නම් කියමින් පෙම්වතා ඔහුගේ මුදල් පසුම්බිය ඇර ගැටයා අත මොනරෙක් තැබූවේය.
මොනරා අතට ගත් ගැටයා පිම්මේ දිව්වේය. තමා මහ මග සඟවා තිබූ ඉන්ධන බෝතලය යළි රැගෙන ආවේ ද පිම්මේය. පෙම්වතා පමණක් නොව පෙම්වතිය ද ඔහුට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කළේ තමා වැටී සිටි අලි අමාරුවෙන් බේරා ගත් ඉෂ්ට දේවතාවකු මෙන් සලකාය. ගැටයාට තෙල් බෝතලය ලැබුණු සැටිත් දන්නේ ඒ ඉෂ්ඨ දේවතාවන් පමණක්ව වන්නට තිබුණේ ඔහු තමා කළ මේ මහා හපන්කම යහළුවන් කිහිප දෙනෙකු ඉදිරියේ පාපොච්චාරණය නොකරානම්ය.

 



අදහස් (0)

තමන්ගේම තෙල් තමන්ටම විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site