IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුණුහරුපයෙන් බනින අනංගයාගේ රෙදි ගලවයි

කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්ට දුරකතන ඇමතුම් ලබා දී පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කරන  විධායක ශ්‍රේණියේ නිලධාරියකුට සේවකයන් ලබාදුන් දඬුවමක් පිළිබඳව අපුරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
විධායක ශ්‍රේණියේ නිලධාරියකු වුවත් ඔහුට ඉහළින් සිටින තවත් නිලධාරිහු සහ නිලධාරිනියෝ කිහිප දෙනෙක් ද එම කාර්යාලයේ සේවය කරති. කාර්යාලයේ පවත්වන ලබන සේවක රැස්වීම්වල දී ඔහුට කතාවක් ලබා දෙන්නේ වෙනත් අයකු නොසිටියොත් පමණි.


 මන්දයත් කොතනින් කතාව පටන් ගත්ත ද අවසන් කරන්නේ සිය පවුලේ වතගොත සමග විශාල පම්පෝරියක් පැවසීම නිසාය. කාන්තා නිලධාරිනියන්ගේ ඇසුරට දැඩි ලොල් බවක් දක්වන මොහු අනංගයකු බවට කාර්යාලයේද ප්‍රසිද්ධියක් ද උසුලයි.ලබාගත් උපාධි සහ වෙනත් අමතර සුදුසුකම් හුවා දක්වමින් නිතරම සේවකයින්ට දොස් පැවරිම ඔහු පුරුද්දක් කරගෙන සිටින බවද පැවසේ.
සේවිකාවන්ට වරදක් නැතත් ඇමතුම් ලබාදෙමින් කුණුහරුපවලින් ආමන්ත්‍රණය කිරීම ඔහු සිරිතක් කරගෙන සිටියේය. මෙම ක්‍රමය නිසා බොහෝ නිලධාරිනියන් දැඩි පීඩාවට පත්ව සිටි අතර සිය උසස් නිලධාරියාට එරෙහිව හඬක් නැගීමට මැලිකමක් දැක් වූහ. මෙම පුරුද්දට දඬුවමක් දිය යුතු බවට කල්පනා කළ නිලධාරිනියෝ කිහිප දෙනෙක් බැහැර වාර්තා කොට කාර්යාලයෙන් පිටව ගියහ.
තමන්ට නොකියා බැහැර යාම පිළිබඳව සැල වූ වහාම ඔහුගේ ඔළුවට යක්ෂයා ආරුඩ විය. ක්ෂණිකව ඇමතුමක් ලබාගෙන එක් නිලධාරිනියකට බැණ වැදුනේය. නිලධාරිනිය ක්ෂණිකව ඇමතුම විසන්ධි කළාය. දෙවන ඇමතුම ලැබෙන්නට පෙර නිලධාරිනියෝ පිරිස සිය දුරකතනයට ලැබෙන ඇමැතුම් කාර්යාලයේ අනෙකුත් විධායක නිලධාරිනියන්ගේ දුරකතනවලට සහ ඔහුගේ බිරිඳගේ අංකයට ලැබෙන පරිදි යොමු කළහ. මේ කිසිවක් නොදත් විධායක නිලධාරියා බැහැර ගොස් සිටි සිව්දෙනාට වෙන් වෙන් වශයෙන් ඇමැතුම් ලබාගෙන බැණ වදින්නට වූයේ කිසිවකුට සවන්දිය නොහැකි අයුරිනි. කාර්යාලයේ සිටි අනෙකුත් විධායක නිලධාරිනියන් තිදෙනා මෙම නිලධාරියාගේ කාර්යාලයට පැමිණ ලබාදුන් ඇමතුම් සම්බන්ධයෙන් විමසා ප්‍රසිද්ධියේ දොස් පවරමින් ආයතන ප්‍රධානියාට පැමිණිලි කළහ.
ආයතන ප්‍රධානියා සිද්ධිය පිළිබඳව විපරම් කළ අතර ඔහුට කාරණය වැටහීමට වැඩි වේලාවක් නොගියේය. සේවිකාවන්ගෙන් ලද පෙර පැමිණිලි පිළිබඳව ද සිහිපත් කරමින් දේශනාවක් දී විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අවවාද කළේය. එම අවස්ථාවේ ඔහුගේ බිරියගෙන් ද ඇමතුමක් ලැබුණු අතර ඇය ද සරල සිංහලෙන් අමැතුවාය.
අසල සිටි සියලු‍ම දෙනාට ද එය ශ්‍රවණය වූ අතර ඔවුහු සිනාව නතර කර ගැනීමට දැඩි උත්සායක නිරත වූහ. එදින සිට විධායක නිලධාරියාගේ පරුෂ වචන ආමන්ත්‍රණය අවසන් වූ අතර සතියක පමණ නිවාඩුවක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ලබාගත් අතර මිතුරන් සිද්ධිය පිළිබඳව විවිධ දේ විමසමින් ඇමතුම් ලැබීම නිසා  දුරකතන අංකය ද ඔහු මාරු කර ඇතැයි පැවසේ.

 

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

කුණුහරුපයෙන් බනින අනංගයාගේ රෙදි ගලවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site