IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මධුසමයදා මනාලිය යකෙක් වෙලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


මධුසමය ගත කළ රාත්‍රියේ මනාලයා හෝටල් කාමරයෙන් අතුරුදන් වී ඇතැයි කියමින් මනාලිය නැටූ ජවුසමක් පිළිබඳව අපූරු කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.

ඔවුන් විවාහ වූයේ මේ ඊයේ පෙරේදාය. මධුසමය ගත කිරීමට ගියේ ලොකු හෝටලයකටය . රාත්‍රියේ කෑම කාබී ඔවුහු දෙදෙනා නින්ද ට ගියහ. මනාලිය මහ රෑ හදිසියේම අවදි වන්නේ ඔය අතරේදීය. ඇය කළුවරේම සිය යහන අතපත ගෑවේ මනාලයා සිටිනවාදැයි සෙවීමටය. තමා සමග යහන්ගත වූ මනාලයා දක්නට නොලැබීමෙන් මනාලිය එකවරම බියට පත්වූවාය.

ඒ සමගම ඔහු ගැන සොයා බැලුවාය. අවශ්‍යතාවකට නාන කාමරයේ ඇත්දැයි විදුලි පහන් දල්වා බැලුවාය. එහිදී ඔහු දක්නට නොලැබූ තැන මනාලියගේ බිය දෙගුණ තෙ ගුණ විය.

ඇයගේ හෘද ස්පන්දනය පිටට ඇහෙන තරම්ය . ඒ සමගම මනාලිය සිය හෝටල් කාමරයේ දොර ගැහෙන හදවතින් යුතුව රාත්‍රී ඇඳුම පිටින්ම විවෘත කළේ කළ හැකි වෙනත් විකල්පයක් නොවූ  හෙයිනි. සිය හෝටල් කාමරයට යාබද කාමරයක විදුලි පහන් දල්වා  පොඩි පහේ කතා බහක් ඇයට ඇසෙනුයේ මේ අතරය.

ඇය හෙමිහිට ඒ කාමරයට කිට්ටු කළාය. දොරට කන්දුන්නා ය. මනාලයාගේ කටහඬද ඒ අතරින් පතර ඇසුණාය. මනාලිය දොරට තට්ටු කළාය. සිය මනමාලයා මිතුරන් දෙතුන් දෙනෙකු සමග මධුවිත පානය කරමින් සිටිනු දුටු ඇය යක්ෂාවේශ වූවාය. රාත්‍රී ඇඳුම පිටින්ම  නොපීරූ කෙස් වැටියද සහිතව මනාලයාගේ ඇඟට කඩා පැන්නේ යකින්නක ලෙසය. ඔහුට තඩි බාමින් සපාකෑවේ ඊරි යක්ෂණියක මෙනි. එයින් නොනැවතුණු මනාලිය මනාලයා සමග සිටි මිතුරන්ගේද ඇඟට කඩා පැන තඩිබෑවේ ඔවුනට ද දුවන්න පාරවල් සොයා ගත නොහැකි ආකාරයටය.

මනාල මිතුරු තමන්ගේ පිට්එකට ඔවුන් සිටි හෝටලයේම කාමරයක් ගෙන එදින රෑ ලැගුම් ගෙන තමන් මුහුණ පෑ සිද්ධිය එදා උදේම මේ මිතුරන් පිරිස කීවේ ආයෙත්නම් මේ වගේ දේ වල් නොකරන බවට පොරොන්දු  වෙමින්ලු .



අදහස් (1)

මධුසමයදා මනාලිය යකෙක් වෙලා

pakeer Sunday, 09 June 2024 12:22 PM

මම නම් දකින්නේ නෑ. මේ මනුස්සයා නියම පිරිමියෙක් කියලා. යාළුවොත් හොඳ අය වෙන්න බෑ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site