හැමතැනකම බහු බූත කෝළම්
මේ ටිකේම උදේ නැගිටපු වෙලාවේ ඉදන් රෑ නින්දට යනකන් අහන්න දකින්න වෙන දේවල් එක්ක ට්රැක් වැසියො තනිකරම ට්රැක් එකෙන් පිට ගිහිල්ලයි ඉන්නේ. එහෙන් ජනාධිපතිවරණ , මෙහෙන් ක්රිකට්, අරහෙන් දේශපාලක ඇත්තෝ ඉස්ගෙඩි වගේ එහෙට පනිනවා මෙහෙට පනිනවා. එහෙට බැන බැන මෙහෙට එනවා. මෙහෙන් බැන බැන එහෙට යනවා. අනේ ඉතින් අහිංසක ට්රැක්වැසියෝ වෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා නොදැන කට ඇරන් මේ බහුබූත ඔක්කොම බලන් ඉන්නවා.