IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෙල්ලකට වහවැටී පිනට අරන් ගිහින් පඩියත් කපාගෙන

අධිවේගී බසයේදී කෙල්ලකට දපනේ වැටී ගාස්තු නොගෙන ඇය රැගෙන ගිය කොන්දොස්තර කොලු‍වකුට බස් රථයේ හිමිකරු දුන් අපූරු දඬුවමක් පිළිබඳ පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දකුණේ සිට බස්නාහිරට යනෙනා බස් රථයකි. ගමන අධිවේගී මාර්ගයෙනි. දවසක් මේ බස් රථයට ගොඩ වූයේ කාන්තා රූපයකි. ඇය බස් රථයට නැග්ගේම කොන්දොස්තර කොලු‍වාගේ ඇඟේ ඕනෑකමින්ම ඇතිල්ලෙමිනි. කොලු‍වා දිහා බලාගෙන ඔමරි හිනාවක්ද දමාගෙනය.
මේ කත බස් රථයට ගොඩවූ වේලාවේ සිට කොන්දොස්තර ගැටයා දිහා බලාගෙන සිනාසුනාය. කෝල බැලු‍ම් හෙලු‍වාය. මෙවැනි ආශ්චර්යක් නොවිඳ තිබූ කොන්දොස්තර කොලු‍වාද ඇයට සිය දත් තිස්දෙකම විරිත්තා සිනාසුණේය. ඒ විතරක්ම නොව ඇයට ටිකට් එක කඩා මුදල් ගන්නා විටදී ඔහු තරුණියගේ අත හිමිහිට තද කර ඇල්ලු‍වේය. ඒ විටදීත් ඇය කළේ ඔහු දිහා බලා සිනාසීමය.
කොන්දොස්තර කොලු‍වා පෝම් වුණේය. බස් රථය සීට් ගණනට ටිකට් කඩා අවසන් වූ වහාම ඔහු ගියේ අර කාන්තාව ළඟටය. ඇය සමග කතාබහ හිමිහිට හිමිට පටන් ගත්තේය. කොහොම කොහොම හරි යළි ගම රට යන්නට ඔහු ඇයට සිය රථයෙන්ම එන්නට ආරාධනා කළේය. ඒ ආපසු යනවිට ගමන් ගාස්තු නොගන්නා බවට ඉඟියක් ද දෙමිනි. සියලු‍ කතිකාවත් දෙන්නා හුවමාරු කර ගත්හ.


මේ කත මෙලෙස දින කිහිපයක්ම කොන්දොස්තර කොලු‍වා මෝරා කරගෙන දින කිහිපයක්ම අධිවේගී මගේ බස් රථයෙන් නොමිලයේම ගියාය. සිය බස් රථයෙන් යෑමට නොපැමිණියේ ඇයි දැයි යන්න කොන්දොස්තර කොලු‍වා සොයා බැලූවිට ඇය තමාටත් නොකියාම විදෙස්ගත වී ඇති බව දැන ගත්තේය.
කාලය කෙමෙන් ගෙවෙද්දී කොන්දොස්තර කොලු‍වාගේ මාසික වේතනය ගැනීමට ඔහු බස් රථයේ හිමිකරු ළඟට ගියේය. වැඩ කළ දිනය සලකා බැලීමේදී මාසික වැටුපේ අඩුවක් දක්නට ලැබුණේය. බස් රථයේ හිමිකරුට ගණන් වරදින්නට ඇතැයි සිතා ඔහු ඒ ගැන විමසුවේය. ගාන හරි, ඔහේ අර කෙල්ලෙක් බස් ගාස්තු නොගෙන දවස් කිහිපයක්ම දාගෙන ගියානේ මම ඒක අඩු කරා.
තමුන්ගේ අම්ම තාත්තා හෝ වෙන සහෝදරයෙක් දාගෙන ගියා නම් මම එහෙම කරන්නේ නැහැ යයි බස් රථ හිමිකරු කී විට කොන්දොස්තර කොලු‍වාට සිය බස් රථයේ සීසීටීවී සවිකර ඇති බව මතක් වූවේ එවිටලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

කෙල්ලකට වහවැටී පිනට අරන් ගිහින් පඩියත් කපාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site