IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔළුව උදුම්මවාගෙන රස්සාවත් ගොවිතැනත් අහිමි වෙලා

මුලටියන – එස්. බාලසූරිය


ගොවිතැන් කටයුතු කරමින් දැඩි ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවන තම පාසල් මිතුරාට සුළු රැකියාවක් ලබා දීමට මැදිහත් වූයේ, එමගින් ඔහුගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහනයක් ලබා දීමේ පවිත්‍ර චේතනාවෙනි. 
එහෙත්, එම සද්කාර්යය ගැන සැලකිල්ලක් නොදැක්වූ ඒ ගුණමකු මිතුරාගේ උඩඟු‍කම නිසා, ලැබුණු රැකියාවත්, කරගෙන ආ ගොවිතැනත් අහිමි කරගත් පුවතක් දකුණු පළාතේ පිටිසරබද ගමකින් වාර්තා විය. 
තම අසරණ මිතුරකුට රැකියාවක් ලබා දෙන ලෙස ව්‍යාපාරික මිතුරකුගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුගේ ආයතනයේ කාර්යාල සහායකයකු ලෙස ඔහුට රැකියාවක් ලබා දුන්නේ, සේවා අවශ්‍යතාවට වඩා මිතුරාගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. එමෙන්ම, ආයතනයට පැමිණීම සඳහා යතුරුපැදියක් ද ලබා දීමට ද කටයුතු කළේ බොහෝ කාලයක් ඇසුරු කළ මිතුරා පිළිබඳව තිබුණු විශ්වාසයත් නිසාය.
රැකියාව ලැබුණු මුල් කාලයේදී තමාට උදව් කළ මිතුරා පිළිබඳවත්, ආයතනයේ හිමිකරු පිළිබඳවත් ඉමහත් ප්‍රශංසාවෙන් කතා කළත්, ටික ටික අතමිට සරු වෙද්දී, සමාජයේ පිළිගැනීමක් ඇති වෙද්දී, අලුත් මිතුරන් ඇසුරට එක්වෙද්දී හිතවත් මිතුරා අමතක කළේ ඔහුගේ අවාසනාවටය.
පසුගිය දිනක කාර්යාල සහායක තනතුර ලැබුණු යහළුවාට දුරකතන ඇමතුමක් ගත්තේ ව්‍යාපාරික මිතුරාට පලතුරු ටිකක් යැවීම සඳහාය. දුරකතන ඇමතුමට පිළිතුරු දෙන ගමන් “පුතේ කවුද එන්නේ කියලා බලන්න” කියා දුරකතනය විසන්ධි කර ඇත. මෙසේ කිහිප දිනක්ම දුරකතන ඇමතුම් ලබා ගත්තත්, ඒ සෑම දිනකම කලින් ලැබුණු ප්‍රතිචාරයම ලැබී තිබේ.
යහළුවාගේ නිවෙසට වැඩි දුරක් නොමැති නිසා රාත්‍රී හතට පමණ එම නිවෙසේ මිදුලට ගොස් දුරකතන ඇමතුමක් ලබාගත්ත ද, එදාත් “පුතේ කවුද එන්නේ කියලා බලන්න”‍ කියනු ඇසුණු බැවින්, “මේ මම” යැයි කියා දොර අභියසටම ගියත්, එක්වරම නිවෙසේ විදුලිය විසන්ධි කර ඇත. මෙහෙම කළේ ඇයි දැයි සිතමින් ආපසු නිවෙසට පැමිණ, තම ව්‍යාපාරික මිතුරාට මේ සිද්ධිය පැවැසූ විට, ඔහු කාර්යාල සහායකගේ අකටයුතු කිහිපයක් පිළිබඳව සඳහන් කර තිබේ.


ඊට පසු දින කාර්යාල සහායකයා රැකියාවට ගිය විට ආයතනයේ හිමිකරු ඔහුට එම මාසයේ වැඩ කළ දින සඳහා වැටුප් ලබා දී, යතුරුපැදියේ යතුර ඉල්ලාගෙන තිබේ. රැකියාව අහිමි වීම නිසා ටික දිනක් නිවෙසේම රැඳී සිට යළි ගොවිතැන් කිරීමේ අරමුණෙන් කලින් වැඩ කළ කුඹුරු හිමියා හමු වීමට ගියත්, ඒ වන විටත් එම කුඹුර වෙනත් ගොවියකුට ලබා දී තිබුණු බැවින්, රැකියාවත් ගොවිතැනත් අහිමි වී, හිටි තැනෙනුත් පහළට වැටී තවත් අසරණ බවට පත්ව තිබේ.
රැකියාව කළ කාලයේ බොහෝ උඩඟු‍ ලෙසින් ගම්වාසීන් සමග කටයුතු කළ නිසා ගමේ කිසි කෙනකු මොහු සමග වැඩි ඇසුරක් නොතිබුණි. මේ පිළිබඳව ඔහුට අතහිත දුන් මිතුරාට ගමේ වැඩිහිටියකු කියා ඇත්තේ, “කොපමණ ගුණ කළත්, දුදනෝ නොවෙති යහපත් යැයි පැරැණි කවියකු කියා ඇත්තේ කට කහනවාට නොවෙයි මහත්තයෝ. ඒ නිසා දුදනන්ට උපකාර කිරීමේදී දෙවරක් සිතන්න.” යනුවෙනි.

 



අදහස් (0)

ඔළුව උදුම්මවාගෙන රස්සාවත් ගොවිතැනත් අහිමි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site