විදේශගතව සිටින සිය මිතුරාගේ ඉඩමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මෙරට සිටින මිතුරාට පැවසීමෙන් පසුව රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් වැයකර වෙනත් ඉඩමකට පස් දමා එම ඉඩම සකස් කිරීමේ සිදුවීමක් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩි වත්ත ප්‍රදේශයෙන් ලංකාදීපයට වාර්තා විය.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
පාසල් සමයේ සිටම දෙදෙනා ගජ මිතුරන්ය. එක් මිතුරකු යුරෝපා රටකය. මෙරට මිතුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියන ව්‍යාපාරිකයෙකි. විදෙස්ගත මිතුරාට ඉඩමක අවශ්‍යතාව පැවැසූ විට තම ඉඩම ආසන්න ඉඩමක්ද මෙරට සිටින ව්‍යාපාරික මිතුරා ලබාගෙන ඇත. පසුව දෙදෙනාම ව්‍යාපාරික ස්ථාන දෙකක් ඉදිකිරීමටද සැලසුම්කර ඇත. ඒ අනුව මෙරට සිටින මිතුරා විශාල වියදමක් දරා ව්‍යාපාරික ගොඩනැඟිල්ල මේ වනවිට ඉදිකරමින් පවතී.
මේ අතර විදෙස්ගත මිතුරා තම ඉඩම පස් පුරවා මනා ලෙස සකස් කරන ලෙස තම ඉඩම ලබාගත් මිතුරාට පවසා ඇත. ඒ අනුව රුපියල් පනස් දහසකට අධික මුදලක් වැයකර මිතුරාගේ ඉඩමට පස් පුරවා අලංකාර ලෙස සකසා විදෙස්ගත මිතුරාට දුරකතන ඇමතුමක්ද ලබාදී ඇත.
දින කීපයකට පසුව මෙරට ව්‍යාපාරික මිතුරා තම ඉදිකිරීමේ කටයුතු සොයා බැලීමට ගොස් සිටියදී අයෙකු පැමිණ ‘‘මල්ලී මම අවුරුදු ගාණක් ඉඳලා මගේ ඉඩමට පස් පුරවන්න බැරිව හිටියේ. ඒත් කවුද දන්නේ නෑ පස් පුරවලා ඉඩමත් ලස්සනට හදලා” යනුවෙන් පවසා ඇත.
එහිදී තමන්ම මිතුරාට අරන් දුන්න ඉඩම වෙනුවට වෙන ඉඩමකට පස් පුරවා ඇති බව අවබෝධ වන විට තමන් පනස්දහසක පමණ මුදලක් වැය කළ බවද සිහියට පැමිණ ඇත.
හඟුරන්කෙත ඒ.ජේ. කරඳගොල්ල
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉඩම මාරුවී අනුන්ගේ ඉඩමක් පුරවලා