කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
 කෙටි කෑම වෙළෙද සලට විජ්ජාවක් පෙන්නන්න හැදූ පකිස්තානුවාට ඊට වඩා ලොකු විජ්ජාවක් පෙන්වූ එම වෙළඳ සලේ තරුණයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ බස් පොළෙන් අසන්නට ලැබේ.
කෙටි කෑම වෙළෙද සලට විජ්ජාවක් පෙන්නන්න හැදූ පකිස්තානුවාට ඊට වඩා ලොකු විජ්ජාවක් පෙන්වූ එම වෙළඳ සලේ තරුණයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ බස් පොළෙන් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ බස් පොළට ඇතුළුවෙන ස්ථානයේම පිහිටි කෙටි කෑම අලෙවි සලය. මෙහි කෙටි කෑම අනෙක් තැන්වලට වඩා මිල අඩු නිසා එම වෙළඳ සල හැම තිස්සේම පාරිභෝගිකයන්ගෙන් පිරී පවතී.
සෙනඟ අතරින් එදා රිංගාගෙන ආවේ පකිස්තානුවෙකි. කතාව ඉංගීසියෙනි. රුපියල් 5000 නෝට්ටුවක් දී පාන් ගෙඩි දෙකක් ඉල්ලුවේය. එහි සේවකයෙකු පාන් ගෙඩි දෙක දෙන්න සූදානම්වූවිට මේ පාන් සීනි රහිත ඒවාදැයි පකිස්තානුවා ඇසීය. සීනි සහිත පාන් යයි වෙළෙඳ සලේ තරුණයා කී විට ඔහු තමා දුන් රුපියල් 5000 නෝට්ටුව ඉල්ලා ගත්තේය.
යළිත් ඔහු කමක් නැහැ පාන් ගෙඩි දෙකක් දෙන ලෙස ඉල්ලුවේය. සේවකයෙක් පාන් ගෙඩි දෙක දුන්නේය. පාන් ගෙඩි දෙකේ මුදල් ඉල්ලුවේය. පකිස්තානුවා කීවේ තමා පාන්වලට රුපියල් 5000 නෝට්ටුවක් දුන් බවය. පාන් ගෙඩි දෙකේ මුදල් ගෙන රුපියල් 5000 ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. තමා රුපියල් 5000 නෝට්ටුව දුන් බව පකිස්තානුවා දිගින් දිගටම කීවේය. ඔහු එය සපත කරන්නට සිය දෙඅත ද පෙන්නුවේය.
වෙළෙඳ සලේ අයිතිකාර තරුණයා යකා නැග පුටුවෙන් නැගිට්ටේය. මම ඔයාගේ රුපියල් 5000 මැජික් එකකින් අරන් පෙන්වන්නම් යයි පකිස්තානුවාට කීවේය. ඒ සමගම තරුණයා පකිස්තානුවාගේ එක් කිහිල්ලක් අස්සේ ගසාගෙන සිටි රුපියල් 5000 නෝට්ටුව ඇදලා ගත්තේ පකිස්තානුවාට උතුර දකුණ මාරුවෙමිනි. ගත්ත පාන් ගෙඩි දෙක වෙළෙඳ සලේ මේසය උඩ තබා ඔහු හනිකට එතනින් මාරුවී ගියේ තමාට වඩා මැජික් වෙළෙඳ සලේ තරුණයා දන්නවා යයි සිතමිනි.
කවදාවත් මේ වෙළෙඳ සලට නොආ මේ ආගන්තුක පකිස්තානුවා දෙස ඔහු සෙනඟ අස්සේ ආවෙලේ සිටම අවධානය යොමු කළ මේ තරුණයා ඔහු රුපියල් 5000 නෝට්ටුව කිහිල්ලේ ගසා ගන්නා අයුරු දැක තිබීමෙන් මේ විජ්ජාව පෙන්වීමට ඔහුට හැකියාව ලැබී තිබේ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විජ්ජාවක් පෙන්වන්න ඇවිත් රෙදි ගැලවෙන්න දීලා
vernon Thursday, 25 July 2024 09:30 AM
ඉතින් මේ කතාවේ මැද තියෙනවානේ 5000 නෝට්‍ටුව ආපහු ඉල්ල ගත්තා කියලා.
sam Thursday, 25 July 2024 12:38 PM
කතාවට හරියටම ගැලපෙන පින්තූරේ