IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සොරකමෙන් බේරෙන්න සල්ලි ගෙවූ බඩුත් දමා දුවලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය


හොරා කාපු එකාට ලු‍ණු පොල් කට්ටේ ඇඟිල්ල ඔබාගෙන හෝ උලා කෑමේ පුරුද්දක් ඇති බවට පැරණි කියමනක් සිහිපත් කරන අපූරු සිදුවීමක් කැබිතිගොල්ලෑව නගරයේ වෙ​ෙළඳසලක් තුළ නොබෝදා සිදුවී ඇතැයි දැනගන්නට ලැබිණි.
එම සිද්ධිය මෙසේය.
එම වෙළෙඳසල බඩුබාහිරාදිය යහමින් පිරුණු සිල්ලර කඩයකි. මෙකී වෙළඳසලට බඩු ගැනීමට පැමිණෙන්නේ අවට ගම්මානවල සිටින උදවිය වුවද, ඒ එන සෑම පාරිභෝගිකයකුම පාහේ වෙ‍ළෙඳසල් හිමිකරු සහ සේවකයින් හොඳින් දන්නා හඳුනන්නෝ වෙති. මසකට වරක් තම නිවසට සෑහෙන පරිදි බඩු රැගෙන යන එක්තරා කාන්තාවක එදින වෙ​ෙළඳසලට උදේ වරුවේ යතුරුපැදියකින් පැමිණියාය. ඇය කැබිතිගොල්ලෑව නගරයේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි ගමක තැනැත්තියකි.
ඇය නිවසට අවශ්‍ය කරන බඩු තොගයක් තෝරා බේරා වෙළඳසලේ කූඩයකට දැමුවාය. ඒ අතරතුර ඇයගේ කරේ එල්ලාගෙන සිටි අත් බෑග් එකටද වරින් වර ඇය බඩු කිහිපයක් ඔබාගත්තේ කාටත් නොපෙනෙන පරිදිය. කඩයට පැමිණෙන පාරිභෝගිකයන්ට බඩු දෙන අල්ල පනල්ලේ එක් සේවිකාවකගේ උකුසු ඇසට අදාළ කාන්තාවගේ කරේ එල්ලාගෙන සිටි බෑග් එකට රහසේ රිංගන බඩු ගැටුණාය. සේවිකාව අවස්ථාව පැමිණෙනතුරු මුනිවත රැක්කාය.


තෝරා ගත් බඩු කූඩය රැගෙන කාන්තාව මුදලාලිට දුන් අතර, මුදලාලි විසින් එම බඩු පරීක්ෂා කර බලා අදාළ බඩු වලට රුපියල් නව දහස් පන්සීයක් ගෙවන ලෙස කාන්තාවට බිලක් දුන්නාය. කාන්තාව කිසිදු පැකිලීමකින් තොරව රුපියල් නව දහස් පන්සීය මුදලාලිට ගෙවා දැමුවාය.
කාන්තාව බඩු මල්ල ඔසවාගෙන වෙළඳසලෙන් පිටව යාමට හැරී තැබුවේ එක් පියවරක් පමණි. වෙ​ෙළඳ සේවිකාවගේ උකුසු ඇස දුටු සිද්ධිය එම සේවිකාව ක්ෂණිකව මුදලාලිගේ කනේ තැබුවාය.
‘‘නෝනා පොඞ්ඩක් නවතින්න. පොඞ්ඩක් නවතින්න. අපට ඔයාගේ හෑන්ඩ් බෑග් එක ටිකක් බලන්න ඕනෑ. කෝ දෙන්න.”‍යැයි මුදලාලි කී සැණින් සේවිකාවන් දෙතුන් දෙනෙක් පැමිණ ඇයගේ අත් බෑග් එක රැගෙන පරීක්ෂා කරන්නට වූහ. ඒ සැණින්ම තප්පර කීපයක් ඇතුළත ඇය මුදල් ගෙවා ලබාගත් බඩු මල්ලත්, අත් බෑග් එකත් එතනම දමා විදුලි වේගයෙන් වෙ​ෙළඳසලෙන් එළියට පැන නවතා තිබූ යතුරු පැදියට නැගී ‘‘සුපර් ක්‍රොස්”‍ධාවන තරගකාරියක් සේ යතුරු පැදිය පණගන්වා දූවිලි නංවාගෙන එතැනින් නොපෙනී ගියාය.
දැන් බඩුමල්ලත් අත් බෑග් එකත් වෙළඳසලේය. අදාළ කාන්තාවගේ නිවස තවමත් දොරගුළු දමා ඇති බවද දැනගන්නට තිබේ. 



අදහස් (0)

සොරකමෙන් බේරෙන්න සල්ලි ගෙවූ බඩුත් දමා දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site