IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ගැහැනු ගැටයට හසුවී අතේ පිච්චියත් පුදලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


කෙල්ල ඇඹරූ ගැටයට කොල්ලො ටිකම හසුවී ඇඟ රත්කර ගන්න ගෙනා සියලු‍ම මුදල් අහිමි කර ගත් කතාවක් අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට කුඹුක් ගහ යටින් අසන්නට ලැබේ.
අම්බලන්ගොඩ කොල්ලන් ටික සෙට් වෙන්නේ මෙතනය. දන්සල් දෙන්න කතා කර ගන්නේද මෙතනය. මිතුරකුට උදව්වක් පදව්වක් කරන්න කතා කර ගන්නේත් මෙතනය. ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරගයක් අතරතුර එය නරඹමින් ඔවුහු අහිංසක සතුටක් භුක්ති විදිති. ඉදහිට මෙතන සිට ඇඟ රත්කර ගන්නා අවස්ථා නැත්තේද නොවේ. නිවසින් මඳ විරාමයක් ලැබුණු ගමන් ඔවුහු මෙතනට දිව එති. කති, බොති, විනෝද වෙති. කාටවත් කරදරයක් නැතිව ඔවුහු තමන්ගේ කාන්සිය පාළුව මෙතැන සිට ගෙවා දමති. ඒ මේ අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට කුඹුක් ගහ යටය.
අපේ කට්ටියම මෙතන මෙදා ඉන්නා විට නාඳුනන කෙල්ලක් ආවාය. ගියේ ටික වේලාවකි මේ කෙල්ල එක පාරටම කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් බිම වැටුණාය. අපේ දුක් ගන්නා රාලලා සිතුවේ ඇය නිරාහාරව ක්ලාන්තව වැටෙන්න ඇතැයි සිතාය. එහෙයින් ඔවුහු දනිපනිගා එදා ඇඟ රත්කර ගැනීමට ගෙනා මොනරු කොළ කිහිපයක්ම එකතු කළහ.
ඒ විතරක්ම නොව ක්ෂණයකින් 1990 සුව සැරිය ගිලන් රථයක් ද ගෙන්වීමට ඔවුහු කටයුතු කළහ. සිහිය ආ ඇයට තමන් එකතු කළ මොනරු සියල්ලම දුන්හ. ඇය සුව සැරියෙන් බලපිටිය රෝහලටද පිටත් කර හැරියාය.

අනේ මචෝ කෙල්ල බිම වැටුණු විට මගේ පපුව හෝස් ගා පත්තුවුණේ යයි එකෙක් කීවේය. මචං මට අපේ නෝනා මතක් වුණා යයි තව එකෙක් කීවේය. කට්ටියම දුක් සයුරේය. මේ අසරණ කෙල්ලට ඉක්මන් සුවය ලැබේවායි එතන සිටි අපේ සියල්ලෝම ප්‍රාර්ථනා කළහ. ඇත්තටම ඇය වෙනුවෙන් අවංකවම මේ අය දුක්වූහ.
මේ අල්ලපනල්ලේ ඇය ගෙනයාමට ආ සුව සැරියේ අයකු එතන සිටි අයකුට කීවේ මේ කෙල්ල කර ඇත්තේ රඟපෑමක් බවය. ඇය රෝහලට ඇතුළත් නොවී අපේ අය දුන්නු මොනර කොළ ටික ගැන ගැන නිවසට ගිය බවය. සියල්ලන්ටම පොළොව පලා ගෙන යන තරමේ ලජ්ජාවකුත් මීට ටිකකට කලින් මේ කෙල්ල ගැන ඇතිවූ දුක කලකිරීමකටත් පෙරළුණේ ආයෙත් නම් මේ වගේ ගැහැනු ගැටවලට අසු නොවන බව කියමින්ලු‍.

 



අදහස් (0)

ගැහැනු ගැටයට හසුවී අතේ පිච්චියත් පුදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site