නිසි පරිදි වචන භාවිත නොකිරීම නිසා පිරිසක් ඉදිරියෙහි ලජ්ජාවට පත්ව එම වරද නිවැරදි කරගත් කාන්තාවක පිළිබඳ පුවතක් මාතර ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
දෙදරු මවක වූ ඇය ළාබාල පෙනුමෙන් යුතු කාන්තාවකි. ඇයගේ සේවා ස්ථානය ග්‍රාමීය පෙදෙසක වූ අතර ජීවත් වූයේ නාගරික පරිසරයේය. පසුගිය දිනෙක තම සේවා ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා ඇයටද ආරාධනා ලැබුනේ ඇය සමාජයේ යම් මට්ටමක සිටි නිසාවෙනි.
නියමිත දිනයේ ඇය එම උත්සවයට පැමිණියේ තම ස්වාමිපුරුෂයා සමගිනි. ඒ පැමිණි වේලාවේ සිටම ඇය ඔහුට අමතනු ලැබුයේ අප්පච්චි යනුවෙනි. මෙය උත්සවය සංවිධානය කළ අයටද වරින් වර ඇසිනි.
නියමිත වේලාවට උත්සව කටයුතු ආරම්භ කළ අතර පිළිගැනීමේ කතාවේදී නිවේදක මහතා විසින් ඇය හඳුන්වා දෙනු ලැබූයේ ඉතා දුරබැහැර සිට තම පියා සමග මේ අවස්ථාවට පැමිණි මෙම මහත්මිය සාදරයෙන් පිළිගන්නා බවයි.
මෙය ඇසීමෙන් පුදුමයට පත් එම කාන්තාව තම සැමියා දෙස බැලුවේ දැඩි අපහසුතාවයෙනි. ඔවුන් දෙදෙනා දැඩි අසීරුතාවයෙන් සිටිනු දුටු මොවුන්ගේ වගතුග දන්නා පුද්ගලයකු නිවේදක හරහා වරද නිවැරදි කළද ඒ වන විටත් ඔවුන් බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක්ව තිබුණි.
මින් පාඩමක් උගත් ඇය ඉන් පසු කිසි දිනෙක තම ස්වාමි පුරුෂයාට අප්පච්චි කියා ආමන්ත්‍රණය නොකිරීමට වගබලා ගත් බව දැනගන්නට ලැබුණි.
කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්
2025 දෙසැම්බර් මස 16
9
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘අප්පච්චි’ කියන්න ගිහින් රෙදි ගලෝගෙන