IMG-LOGO

හොරු පන්නා කියා ගොන් වස්සකුට බය වෙලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම


රාත්‍රියේදී ගෙදරට හොරු පැන්න බවට ලද තොරතුරකට අනුව, අවට වැසියන් එම ස්ථානය වැටලීමේදී නිවෙස් හිමියා ලැජ්ජාවට පත් වූ පුවතක් කහල්ල පල්ලේකැලේ අවට රජරට හා වයඹට මායිම් වූ ගම්මානයකින් අසන්නට ලැබිණි.
මේ දිනවල පවතින මැතිවරණ උණුසුම හමුවේ ගම්වල පිරිස් ද තම තමන්ට කැමැති පක්ෂ වටා ඒකරාශි වී සිටිති.
මේ ගමේ බොහොමයක් එක් පක්ෂයක් වටා වැඩ කරන විට, අවට නිවෙස් හිමියා ඊට එරෙහිව තවත් පක්ෂයකට සහයෝගය දක්වයි.
සවසට පදම ඉක්මවන ඔහු තනියම වුව ද එම පක්ෂය වෙනුවෙන් උදම් අනමින් අන් පක්ෂවලට හා එම සාමාජිකයන්ට බැණ වැදීම ඔහුගේ විනෝදාංශයකි.
ඔහු බැන්නත්, අවට වැසියන් කිසිවෙක් එය ගණන් නොගන්නේ ඔහුගේ තරාතිරම හොඳින්ම දන්නා වූ බැවිනි.
ඔහුගේ නිවෙසේ අලු‍තින් හදන ගොඩනැගිල්ලකි. ගෙනා තහඩු හා ආම්පන්න රැසක් අවට සීසීකඩ දමා ඇත.


එය සොරුන් ගනීවි යන සැකය මත නිවැසියන් රාත්‍රිය පුරාවට පසුවන්නේ දැඩි විමසිල්ලෙනි.
ඒ, එම නිවෙස් අවට සොරකම් රාශියක් පිට පිට සිදු වූ නිසාය.
බිරිය හා දරුවෝ දිනක් නිවෙසින් බැහැර වූහ. ඒ, ඥාති නිවෙසක රෝගියකු බැලීමටය. ඔවුහු එදින එහි කාලය ගත කළහ. නිවෙසේ දේපළ ආරක්ෂා කරගැනීමට නිවෙස් හිමියා පමණක් නිවෙසේ රැඳුණි.
එදින රාත්‍රියේ නිවෙසේ නිදා සිටියදී පිටුපස තහඩු අදින ශබ්දයක් ඇසුණි.
කළුවරේ ඒ දෙසට විපරම් කරමින් සිටි ඔහුට ඇසුණේ කිසියම් පිරිසක් තහඩු සොරකම් කරන බවයි. එසේම, අන් දේශපාලකයන්ට බැන වැදුණු නිසා ඔවුන් නිවෙසට මැර ප්‍රහාරයක් එල්ල කරන්නට සැලසුම් කරන බවට ද බිය වී, අවට යහළුවන්ට ඒ බව දැනුම් දුන්නේය.
“කවුරු හරි ඉන්නා බව දැක්කා ද?”
“ඔව් ඔව්, කඩු කිනිසි අතැතිව ඔවුන් කැරකෙනවා මම හොඳාකාරවම දැක්කා” හෙතෙම ඔවුනට කීවේය.
යහළුවන් තවත් සගයන්ට ද ඒ බව දැනුවත් කරමින් පිරිසක් පාර දෙසින් හා තවත් පිරිසක් කැලෑබද පෙදෙස් අතරින් එම ස්ථානය නිමේශයකින් වට කළහ.
ඔවුන් පැමිණි පසුව නිවෙස් හිමියා ද නිවෙසේ හතර පැත්තේ විදුලි පහන් දල්වා කැත්තක් අතැතිව එතැනට දිව ගියේය.
කිසිවකුත් නැත. අවට සැරිසරනා ගොන් නාම්බෙක් තහඩුව පැටලී යන එන මං නැතිව අසරණව සිටී. එම ගොනා එතැනින් යාමට වෙර දැරීමේදී තහඩුවේ ශබ්දයට නිවෙස් හිමියා බිය වී ඇති බව වටහා ගත් පිරිස, දැන්වත් අන් පක්ෂවලට මඩ ගසන එක නවතාලන මෙන් ඔහුට අවවාද කර, එතැනින් නික්ම යන විට ඇති වූ ලැජ්ජාව හමුවේ කිසිවක් කර කියාගත නොහැකිව ඔහු එදෙස බලා සිටියාලු‍.



අදහස් (0)

හොරු පන්නා කියා ගොන් වස්සකුට බය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site