IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උපන්දිනයට බිරිය පුදුම කළ සැමියා පහුවදා පුදුම වෙලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


තම බිරියගේ උපන් දිනය දා ඇය පුදුම කරවන්න අරුම පුදුම උපායක් යෙදූ ස්වාමිපුරුෂයකු පිළිබඳ ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබෙයි.
උපන්දිනය දා ඇය සේවය නිම වී නිවෙසට පැමිණිවිට නිවෙසේ එකම උත්සවශ්‍රීයකි. බැළුම් බෝල ඉදිරිපස උළුවස්සේ එල්ලා තිබිණ. නිවෙසේ බිත්තිවල ක්‍රේප්වලින් සහ මල්වලින් අලංකාරවී තිබිණ. සාලයේ මේසය මත ලොකු දැකුම්කළු කේක් එකකි. එහි ඇගේ නමද විය. හැපී බර්ත්දේ කියා ඉංග්‍රීසියෙන් ද ලියා තිබිණ. ඉටිපන්දම් ද ඊට නොදෙවැනි ආකාරයට කේක් එක පුරාය. බිරියට සතුටුය. සැමියා ගැන ආඩම්බරයක් ද ඇතිවිය. අනේ දෙවියනේ මෙයාට මගේ උපන්දිනේ අමතක වෙලා නැතැයි ඇය සිතුවාය. තමා පුදුම කරන්න මටත් නොකියා මෙයා කළදේක මහත යැයි ඇය කියමින් සතුටු කඳුළු සලමින් ඇඟපත සෝදා සැමියා ගෙනත් තිබූ අලු‍ත් ඇදුමක් ද ඇඳ තමාගේ උපන්දිනය සැමරීමට ඇය සූදානම් වූවාය. දරුවෝද මේ අවස්ථාවට එක්වී සිටියහ. සුබ පතමින් සියල්ලෝම කේක් කපමින් උපන් දිනය සැමරූහ. රාත්‍රී කෑමද නිවෙසේ සිටින අය ගාණට කඩෙනි. ඒ විතරක්ම නොව ඔහු හොඳ කට ගැස්මක් එක්ක හොඳ බෝතලයක්ද ගෙනැවිත් තිබිණ.

එදා රැය පහන් කළේ වෙනදා නොවූ සතුටිනි. එයට හේතු ගොඩකි. භාර්යාවගේ උපන්දිනය සමරා ගතවූයේ දින දෙකකි. ඇය කාර්යාලයේ අවශ්‍යතාවකට නගරයේ බැංකුව වෙත ගිය ගමනේදී  කාලයකින් ලකුණු කරගන්න බැරිවූ  සිය බැංකු පොත ලකුණු කර ගත්තාය. එහිදී තමා නොගත්තද රුපියල් දහස් ගණනක් අඩුවී තිබිණ. තමා නොදැනුවත්වම මුදල් ලබාගෙන තිබුණේ තමාගේ ජන්ම දිනය දා උදේ බැවින් ඇයට සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. බැංකු කාඩ් පතේ රහස්‍ය අංකය දන්නා සිය සැමියා තමාගේ ගමන් මල්ලෙන් එය සීරු මාරුවට ගෙන එමගින් මුදල් ලබාගෙන තමාගේම උපන්දිනයට එම මුදල් වියදම් කර ඇති බව ඇයට අවබෝධ විය.
මේ ගැන ඇය විමසූවිට ඔහු කීවේ මේ වගේ වැඩවලට කියන්නේ සර්ප්‍රයිස් කරනවා කියලනේ. ඔයාගේ උපන්දිනයෙන් ඔයා සර්ප්‍රයිස් කරන්නයි එහේම කළේ කියමින් ඔහු එතැනින් ලිස්සා ගියේ භාර්යාවගේ මුහුණේ තිබූ රෞද්‍ර බැල්මෙන් එහාට ගිය දෙයක් සිද්ධ වුවහොත් නිවෙසට අලු‍ත් කොස්සක් ගෙන ඒමට සිදුවෙතැයි බියෙනි.



අදහස් (0)

උපන්දිනයට බිරිය පුදුම කළ සැමියා පහුවදා පුදුම වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site