IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තරු හෝටලේ සාදයට ගමේ බඩු දී හතර අතේ වැටිලා

වියලු‍ව වාර්තාකරු 



අත දිගහැර වියදම් කොට මෙරට ප්‍රමුඛ පෙළේ හෝටලයක පැවැත්වූ සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයට පැමිණි  හිතවතුන්ට විදේශීය රටක නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ මත්පැන් බෝතල්වලට ගමේ නිෂ්පාදන පුරවා සංග්‍රහ කොට ඔවුන්ගෙන් අඩක් පමණ හාන්සිකර වූ පුද්ගලයකු පිළිබද පුවතකි.
සිද්ධිය මෙසේය. ඔහු එක්තරා රාජ්‍ය ආයතනයක සැලකිය යුතු   නිලයක් දරන පුද්ගලයෙකි.
සිය වැඩිමල් දරුවාගේ මංගල උත්සවයේ සෑම අංගයක් සඳහාම  විශාල මුදලක් වැය කළ හෙතෙම ඒ සඳහා තෝරාගෙන තිබුණේද මහනුවර ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ හෝටලයකි.
මංගල උත්සවය සඳහා ඥාතීන්ට, හිතවතුන්ට මෙන්ම තම ආයතනයේ සේවක සේවිකාවන්ට ද කල් තබාම ආරාධනා කළේ  තම දරුවා වෙනුවෙන් පියකු ලෙස තමුන් කරන්නාවූ කැපවීම ඔවුන්ටද පෙන්වීම සඳහාය.
 මංගල උත්සවයේ සියලු‍ කටයුතු සඳහා අත දිගහැර වියදම් කළ ඔහු  පිරිස වෙනුවෙන් මත්පැන් සාදයක් ද සංග්‍රහ කර තිබිණි.
සාදයට එක්වූ මත්පැන් ලෝලීන්ගේ රස නහර පිනා ගියේ විදෙස් රටකින් ආනයනය කරනු ලැබූ උසස්ම වර්ගයේ මත්පැන් බෝතල්වලින් මේස පිරී තිබෙනු දැකීමෙනි.
සාදයට එක් වූ බොහෝ දෙනකු වෙනදාටත් වැඩි වේගයකින් මත්පැන් බෝතල් එකින් එක හිස් කළේ මෙවැනි මත්පැන් වර්ගයක් තමුන්ට ලැබෙන්නේ බොහෝ කලකින් බව එකිනෙකාට පවසමිනි.
 මේස මත තිබූ මත්පැන් බෝතල් එකෙන් එක හිස් වෙද්දි එම අඩුව පුරවන්නට ද මංගල උත්සවයේ සංවිධායකයන් කටයුතු කර තිබිණි.


  තමුන් තලු‍ මරමින් භුක්ති විදි මත්පැන් බෝතල්වල ඇත්තේ උසස් තත්වයේ මත්පැන් නොව ගමේ නිෂ්පාදිත කසිප්පු බව කනින් කොනින් පැතිර යන විටත් සාදයට ගෙනවිත් තිබූ මත්පැන්වලින් සෑහෙන ප්‍රමාණයක් ඔවුන් විසින් පානය කර තිබිණි.
එම මත්පැන්වල අධික සැර ගතිය නිසාම බොහෝ දෙනකුට ඒ වන විටත් උන් හිටි තැන් අමතකව තිබූ අතර බොහෝ දෙනෙකුට නැගිට සිටින්නටවත් නොහැකිවූ අතර බිරින්දෑවරුන්ට ඔවුන් වත්තම් කරගෙන නිවෙස්බලා රැගෙන යන්නටද සිදුව තිබිණී. කීප දෙනෙකුට රෝහල් ගතවන්නටද සිදුව තිබිණි. 
 කෙසේ වෙතත් පසුව පිරිසට දැන ගන්නට ලැබී ඇත්තේ  විදේශීය රටකින් ගෙන්වන ලද එකම වර්ගයේ හිස් මත් පැන් බෝතල් තොගයක් සොයා ගත් මනමාලයාගේ පියා ඒවා සෝදා පිරිසිදු කර ඒවාට ගමේ කසිප්පු පුරවා සාදයට රැගෙන විත් තිබූ බවකි.
‘‘මංගල උත්සවයෙන් දින කීපයකට පසුව සේවයට පැමිණි හිතවතාගෙන් රට බඩු ආෙය නැද්දැයි ආයතනයේ හිතවතුන් අසද්දී දැන් ඔහු හීන් සිරුවේ මාරු වන බවද කියති.

 



අදහස් (1)

තරු හෝටලේ සාදයට ගමේ බඩු දී හතර අතේ වැටිලා

මංගල Tuesday, 21 May 2024 03:14 PM

සියරට දේ සිරි සැප දේ. රට බඩු කියලා බොන කොටම වෙනසක් නොදැනුනා කියන්නේ ගමේ බඩු හොඳයි කියන එක තමයි. පිටරට හැම දේකටම වැඳගෙන ඉන්න එකටත් හොඳ පාඩමක්. පිටරට කියලා වහ දාල දුන්නත් බොනවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site