හෝමාගම ප්‍රියන්ත ජයලත්
අකුරැස්ස මලිද්දුව ප්‍රදේශයේ වෙළෙඳසලකින් පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරුකර දීමෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් අනූනවයෙන් බේරීමේ පුවතක් අකුරැස්ස දියලපේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
අකුරැස්ස ප්‍රදේශයේ නිවසක පසුගිය වෙසක් පොහොය දිනයට පසුදින නිවසේ පොල්තෙල් පහන් වැටක් දල්වන්නට පොල්තෙල් නොමැති නිසා නිවසේ භාර්යාවගේ ඉල්ලීම අනුව ස්වාමිපුරුෂයා විසින් යතුරුපැදියකින් පොල්තෙල් සමග ගෑස් සිලින්ඩරයක් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වෙළඳසලකට ගොස් ඇත. එම වෙළඳසලේ ගෑස් නොමැතිවීම නිසා ගෑස් සොයා වෙළඳසල් කිහිපයකට යතුරුපැදියෙන් කිලෝමීටර් 10 ක් පමණ දුරක් ගොස් ඇත. අනතුරුව එහෙත් ගෑස් සොයා ගැනීමට නොහැකි වූ නිසා නැවත නිවසට එමින් සිටිය දී අකුරැස්ස මලිද්දුව ප්‍රදේශයේ වෙළඳසලක ගෑස් සිලින්ඩර් තොගයක් තිබෙන දැක එහි ගෑස් සිලින්ඩරයක් ගැනීමේ අරමුණෙන් එම වෙළඳසලට ගොස් ඇත.
එහි ගෑස් නොමැති බව දැනගත් ඔහු පොල්තෙල් බෝතලය මෙම වෙළඳසැලෙන් ගෙන යනවා යැයි සිතා එහි මුදලාලිගෙන් පොල්තෙල් බෝතලයක් දෙන ලෙස ඉල්ලා තමා රැගෙන ගිය හිස් බෝතලය වෙළඳසල් හිමියාට ලබා දී ඇත. වෙළඳසල් හිමියා විසින් එම බෝතලයට පොල්තෙල් පිරවීම සඳහා ඔහුගේ භාර්යාවට ලබා දී ඇති අතර ඒ අනුව ඇය එම බෝතලය වෙළඳසැල ඇතුළට ගෙන ගොස් පොල්තෙල් පැහැය ඇති ද්‍රවයක් පුරවා බෝතලය රැගෙන විත් ඔහු අතට දී තිබේ.
ඒ අනුව ඔහු එයට මුදල් ගෙවා බෝතලය සුරැකිව යතුරුපැදියේ එල්ලාගෙන නිවසට රැගෙන ගොස් ඇත.
එදින රාත්‍රියේ ස්වාමිපුරුෂයා විසින් නිවසේ පහන්වැට දැල්වීමට සුදානම් කර ඇති අතර ඔහුගේ සිඟිති පුතු පහන්වලට තෙල් දැමීමට සුදානම් විය. එම අවස්ථාවේ ඔහුගේ බිරිය විසින් පොල්තෙල් බෝතලයෙන් ටිකක් පොඩි බෝතලයකට දමා සිඟිති පුතුට දිය යුතුයයි සිතා පොල්තෙල් බෝතලයේ මුඩිය අයින් කර ඇත. එහිදී පොල්තෙල් වලින් අමුතු දුගඳක් හමන බවට ස්වාමි පුරුෂයාට පැවසීය.
ඒ අනුව ඔහු එම පොල්තෙල් බෝතලය ගෙන නාසයට ළංකර සුවඳ බලා ඇත. එම අවස්ථාවේ ඔහුගේ දෑස් උඩ ගියේය. ඔහුට දෙයියෝ සිහිවිය. වෙළඳසලෙන් පොල්තෙල් වෙනුවට දී ඇත්තේ පෙට්‍රල්ය. සිදුවන්නට ගිය විනාශයක් දෙයියෝ බේරුවා යයි සිතා දෙවියන්ට පින් දෙමින් නැවත පොල්තෙල් ගෙනැවිත් පහන්වැට දැල්විය.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරු වී ජංජාලයක්