 සූර්පිට අනියම් බිරියගේ නිවසට රිංගා පොලිස් කූඩුවේ ලගින්නට වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සූර්පිට අනියම් බිරියගේ නිවසට රිංගා පොලිස් කූඩුවේ ලගින්නට වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය, 
ඔහු ජීවත් වන ගමට අල්ලපු ගමෙහි විවාහක කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත. ඇය විවාහක දෙදරු මවක වූවත් ඇය ලාබල එකියක මෙන් රූමත්ය. මොහු ද විවාහ වී සිටින අතර ඔහුට ද ළමයි තිදෙනෙක් සිටිති. ඔහු වඩු බාස් කෙනෙකු ලෙස රැකියාව කරන අතර ඒ නිසා මුදල් යහමින් ගැවසේ.
 ඔහු සිය අනියම් බිරියගේ සැමියා ගෙදර නොමැති අවස්ථාවල ඇයගේ දරුවන් නින්දට යන තෙක් බලා එම නිවසට ගොස් ආපසු පැමිණෙන්නේ පසුදා පාන්දරය. දරුවන් හා අසල්වාසීන් නැගිටීමට පෙර ඔහු නිවසින් පිට කිරීමට ඇය කටයුතු කරන්නීය.
ඔහුගේ බිරියද රූමත් අහිංසක කාන්තාවක වන අතර පෙර සිට තහනම් ගස්වල ගෙඩිකඩා රස බලා ඇති මොහු විටින් විට මෙලෙස අනියම් ඇසුරු පටන් ගනී. ඔහු බොහෝ අවස්ථාවල ඇයගේ නිවසට යන්නේ බීමතින් හා මදි පාඩුවට තවත් අරක්කු රැගෙනය. 
එක් දිනක ඇය ඔහු අමතා පවසා ඇත්තේ ඇයගේ සැමියා එදින නොමැති බවත් පසුදින පැමිණෙන හෙයින් එදින පැමිණෙන ලෙසය. ඔහු එදින නා කියාගෙන මත්පැන් පානය කර තවත් බාගයක් රැගෙන ඇයගේ නිවසට ගොස් තිබේ. 
එහෙත් එදින ඇය සිය මවගේ අසනීප තත්වයක් නිසා එහි ගොස් ඇති අතර ඒ බව ඔහුට පැවසීමට උත්සාහ කළත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත බැවින් ඔහු පැමිණ දොරවල් වසා ඇති හෙයින් ආපසු යනු ඇතැයි සිතා ඇය මවගේ නිවස වෙත ගොස් ඇත.
ඔහු ඇයගේ නිවසට පැමිණ කොතරම් දොරට තට්ටු කර කතා කළත් ප්‍රතිචාර නොමැති නිසා ඇය ළඟට යන්නට ඇතැයි සිතා ඔහු සිය වඩු කර්මාන්තයේ දැනුම උපයෝගී කර දොරෙහි අගුල ගලවා නිවසට ඇතුළු වී ඇත.
පසුව ඔහු රැගෙන ආ ඉතුරු අරක්කු බාගය ද පානය කර ඇත්තේ ඇය දැන් එයි යැයි සිතමිනි. පසුව ඔහුට එම නිවසේ බිම වැටී නින්ද ගොස් තිබේ. පසුදා එම නිවසට පැමිණ අනියම් බිරිඳ දුර තියා සිය නිවසේ දොරවල් හැර දමා තිබෙන අයුරු දැක විමසීමකින් තොරව ඉක්මනින් පොලිසිය වෙත ගොස් ඇත්තේ නිවස සොරුන් බිඳ ඇතැයි සිතමිනි. පසුව පොලිසිය විසින් පැමිණ නිවස පරීක්ෂා කිරීමේ දී සිය අනියම් සැමියා නිවසේ බිම නිදා සිටිනු දැක “දෙවියන් ” සිහිපත් වී තිබේ. 
පොලිසිය ඔහු අඳුනවා දැයි අසද්දී ඇය ඔහු අඳුනන බව දන්නවා යැයි කිව්වොත් සිදු වන විනාශය දැක ” අනේ මම නම් දන්නේ නැහැ” යැයි පවසා ඇත්තේ ඔහුට උදේ පාන්දර සීතලේ ඉහින් කනින් දාඩිය දමද්දීය. 
පසුව එය සනාථ කරමින් පැමිණ සිටි අසල්වැසියකු පවසා ඇත්තේ ”සර් මේ යකා කීප දවසක් මේ පැත්තේ හොර ගල් අහුලනු දුටු බවයි. කෙසේ වෙතත් ජීවිතයට අනුන්ගේ දේපළක් සොරකම් නොකළ ඔහු අනුන්ගේ බිරිඳක් සොරා ගන්න ගොස් දින ගණනක් මහ උලු ගෙදර තපින්නට සිදු වී තිබේ.
කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සූර් වී තහනම් ගෙඩි කඩන්න ගිහින් පොලිස් කූඩුවෙත් ලැගලා