IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යෙහෙළියගේ ගෙදරදී පැරණි පෙම්වතා දැක තරු පෙනිලා

පැරණි පෙම්වතා සිය හොඳම යෙහෙළිය විවාහ කර ගැනීමට පැමිණි අවස්ථාවේ තරු පෙනුණු තරුණියක පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය ,
ඇය රූමත් තරමක් පොහොසත් පවුලක තරුණියකි. ඇයගේ හොඳම මිතුරියද ඇයට වඩා රූමත් තරුණියක වන අතර බොරු සෝබන ආටෝප නැති නිරහංකාර තරුණියකි. ඇය ඇයගේ රූමත්කම නිසා ආඩම්බර ලෙස හැසිරෙන අතර වැඩිය පිරිස් සමග කතා බහට නොයයි.
මේ අතර කඩවසම් තරුණයකු ඇයගේ ආදරය පතා ඇය පසු පස ආවේ ඇගේ ඇනුම් බැනුම් අපහාස මැදය. ඔහු කඩවසම් වුවත් ඔහුගේ පවුල ඉතා දුප්පත්ය. මව කූලී වැඩ කර ඔහුට අධ්‍යාපනය ලබා දී ඇති අතර පියා නොමැති හෙයින් අඩු පාඩු මැද ඔහුගේ පාසල් ගමන ද අතර මැද නතර වී තිබේ.
ඔහු පතල්වල රැකියාව සිදුකර ඇති අතර ඇය සොයා ඔහු පැමිණි විට ඇය පවසා ඇත්තේ ඔහුට ගැළපෙන්නේ පැලක සිටින හිඟන කෙල්ලෙක් බවත් ඇය පසුපස පැමීණීම ඇයට කරන අගෞරවයක් බවත්ය.


එබැවින් ඔහු ඇය පසුපස යාම නවතා ඇති අතර ඇය වෙනත් තරුණයකු සමග විවාහ වී ඇත. බොරු සෝබන හා මිතුරන්ගේ වාහන පෙන්වා ඇය රවටා විවාහ කර ගත් ඔහු තදින් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකි. ඇය ඒවා දැන ගන්නා විට ඇය ඔහු අතින් අනාථ වී දරුවකු ලැබෙන්නට සිටින අවදියේදීය. කරන්නට කිසිවක් නොමැතිව ඔහු සමග විවාහ වූවත් ඇය ගෙව්වේ නීරස ජීවිතයකි. ඇය කෑමවලට වඩා ඔහුගෙන් ගුටි කා තිබේ.
ඇය මේ පිළිබඳව ඇයගේ ළඟම මිතුරියට පවසා ඇති අතර රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලා ඇත. තමන් විවාහ වීමට යන පුද්ගලයාගේ ආයතන කිහිපයක් තිබෙන බවත් එයින් රැකියාවක් ලබාදීමට හැකි බවත් ඔහු මවුපියන් බැලීමට ගෙදර එන අවස්ථාවේ ඇයට ආරාධනා කර ඇත්තේ ඔහු හඳුන්වා දීමටය.
නියමිත දිනයේ ඇය දරුවා ද රැගෙන සිය හොඳම මිතුරියගේ නිවසට ගොස් ඇත්තේ ඔහු හමු වී රැකියාව ලබා ගැනීමටය. නවීන පන්නයේ වාහනයකින් කඩවසම්ව ඇඳ සිය මිතුරිය බැලීමට පැමිණෙන්නේ තමන් පසුපස ආදරය ඉල්ලා පැමිණ තමන් අපහාස කළ තරුණයා බව දැක ඇයට දෙවියන් සිහිපත් වී තිබේ. ඇය මිතුරිය සමග ඔහු පිළිබඳව ඔහුව නොදන්නා පරිද්දෙන් විමසා ඇත්තේ ඔහු ඇය පසුපස ඇයගේ ආදරය ඉල්ලා පැමිණි බව ඇයට වසන් කරමිනි. මිතුරිය ඇයට පවසා ඇත්තේ ඔහු කලින් ඉතා දුප්පත් කෙනෙකු බවත් පියා මියගොස් මව සමග ජීවත් වන අතර මැණික් පතල් වලින් වාසි සිදුවීමෙන් ටිකෙන් ටික ඉහළට ගොස් ඔහු දැන් මැණික් ව්‍යාපාරිකයකු බවය.
එමෙන්ම ඔහුට අයත් ආයතන කිහිපයක් තිබෙන අතර එයින් රැකියාවක් ඇයට දීමට හැකි බවය. වදෙන් මෙන් ඔහු අසලට ගොස් ඇයව ඔහුට හඳුන්වා දුන් මිතුරිය ඇයට ඔහුගේ ආයතනයක රැකියාවක් දෙන ලෙස ඉල්ලා ඇත. මේ කලින් තමන් ආදරය ඉල්ලා පසුපස ගොස් නින්දා අපහස සිදු කළ තරුණිය බව ඔහු හඳුනා ගත්තද ඒ බව අමතක කර ඔහු ඇයට රැකියාවක් දීමට හැකි බව පවසා ඇත. කියූ ලෙසම ඇයට ඔහුගේ ආයතනයක රැකියාවක් ලබා දීමට කටයුතු කළ ඔහු අනෙකුත් සේවකයන්ට වඩා ඉහළ වැටුපක් ද දීමට කටයුතු කර ඇති අතර ඇයගේ මිතුරිය හා විවාහ වීමේ උත්සවයට ඇයට ආරාධනා කිරීමට කටයුතු කර ඇත.

 

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම

 



අදහස් (0)

යෙහෙළියගේ ගෙදරදී පැරණි පෙම්වතා දැක තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site