IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අනග රැගුම අතේ පත්තු වෙලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම


දරුවන්ගේ උපදෙස්වලට අනුව කටයුතු කළ මවක නිසා පියාගේ අනඟ රැඟුම අතටම අහුවුණු පුවතක් ගොකරැල්ලෙන් වාර්තා වේ.
 පවුලේ දියණියක හා පුතකු පාසල් අධ්‍යාපනය හදාරන අතර මවුපිය දෙපළම රාජ්‍ය සේවාවේ නියැළෙති.
නිවසේ සිටින විට මවගේ හා පියාගේ ජංගම දුරකථනයන් ගැනීම දරු දෙදෙනාගේ විනෝදාංශයකි. ඔවුහු වයසින් බාල වුවත් මව හා පියාට වඩා දුරකථන පිළිබඳව මනා දැනුමක් ඇති අය වෙති.
රැකියාවට යන පියා අනියම් පෙමක පැටලෙන බව දරු දෙදෙනාට වැටහුණි. ඒ දෙදෙනා යවා ඇති කෙටි පණිවිඩ සංවාද දෙස බැලීමෙනි.
මවට එවැන්නක් බැලීමට හෝ දැනුමක් නැත.
දරු දෙදෙනා ඒ පිළිබඳව අම්මාට පැවැසූහ.
අම්මා පුපුර පුපුරා කෑ ගසන්න වූවාය. ඒ වෙලාවේ සැමියා නිවසේ සිටියේද නැත.


කෑ ගහන්න එපා. අපි මේක අතටම අහු කරගෙන ඊට පස්සේ කතා කරමු. දරු දෙදෙනා අම්මාට උපදෙස් දුන්හ.
එම කතගේ දුරකථන අංකය විසන්ධි කෙරුණි. ඒ නාමයට අම්මාගේ අංකය සම්බන්ධ කළේය.
කිසිවක් නොදත් පියා නිවසට පැමිණියේය. රාත්‍රි ආහාරය ගත් ඔහු පිටත ඇති කාමරයට නින්දට ගියේය. පුතා දුව හා මව ඇතුළත කාමරවල සිටිති.
ටික වේලාවකට පසුව අම්මාගේ දුරකථනය නාද වුණි. ශබ්දය පිටතට ඇසෙන්නට නොඇසෙන ලෙසට පුතු මවගේ දුරකථනය සකසා දී තිබුණි.
කතා කරන්නේ පියාය. ඒ කතා කරන්නේ අනියම් කතටය. පුතා පහදා දුන්නේය.
මව කාන්තා විලාසයෙන් හෙමින් හෙමින් එයට පිළිතුරු දුන්නේය.
ගතවූවේ නිමේෂයකි. මවට යක්ෂයා ආරූඪ වූවාය. ඇය ඉදිරි දොර ඇරගෙන කාමරයට කඩා පැන්නාය.
එය පිළිගත නොහැකි ලෙසට සූදානම් වීමට ඔහු උත්සාහ කරන අතරවාරයේ එම සංවාදය පටිගත වෙන ලෙසට දරුවන් සකසා දුන් හඬපටය ඒ සැණින් ඔහුට ඇසීමට සැලැස්වීය. ඉන් ලැජ්ජාවට පත් ඔහු මවගෙන් හා දරුවන්ගෙන් සමාව ඇයද සිටිනා අතරේ එම අනියම් කතගේ ජංගම දුරකථන අංකය අමතා මව හා දරුවන් ඇයට කන්වල ඇඟිලි ගසා ගන්නටම කතා කෙරුවාලු‍.

 



අදහස් (1)

අනග රැගුම අතේ පත්තු වෙලා

himal Thursday, 30 May 2024 09:51 AM

අනේ මේ, ගෙදර කවුරුවත් නැති කාර්යාල වෙලාවේ කතා කරන්නේ, මැසේජ් දාන්නේ නැතිව ගෙදර ඇවිල්ලා කතා කරනවාලු. එහෙම නම මාරු කරා නම් ඊට පහුවෙනිදාම අහු වෙනවා, අදාළ කාන්තාවගෙන් කෝල් එන කොට.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site