IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තහනම් ගහේ ගෙඩි කඩන්න ගිහින් පෙම්වතියගේ අම්මාගේ උගුලට අහුවෙලා

අනියම් පෙමක සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට ගිය අයකු පෙම්වතිය කියා ඇයගේ මව හමුවීමට යාමෙන් පෙම්වතාට සිදු වූ අකරතැබ්බයක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
පාසල් වියේ සිට ඇසුරු කළ පෙම් යුවළකි. එහෙත් දෙපාර්ශවයේ මව් පිය විරසකවීමෙන් ඇති වූ අඩ දබර නිසා පෙම්වතියට පාසල හැර ගමෙන් ද ඉවත්ව යාමට සිදු විය.
ඇය පිටස්තර ප්‍රදේශයක සිට ඉගෙනීම් කටයුතු නිමාකර එම ප්‍රදේශයෙන්ම විවාහ දිවියට පත් වූවාය.
කෙසේ හෝ ඇය තම දරුවා රැගෙන කුරුණෑගල රෝහලේ සායනයකට පැමිණි විට පෙර පෙම්වතා ද අහම්බෙන් ඇයට හමුවී ඇත්තේ වසර ගණනාවකට පසුවය.
දෙදෙනාම දැන් විවාහ වෙලාය. එහෙත් අමනාපකම් අමතක කර කුළුදුල් පෙම අමතක කරන්නට බැරි යැයි පැවසු දෙදෙනාම ආයෙත් පෙමක පැටලුණි.
ඇය ගලේවෙල ප්‍රදේශයේය. පෙම්වතා මහව ප්‍රදේශයේය. දෙදෙනා දුරකතන සංවාද ඔස්සේ හමුවන්නට දිනයක් කතා කර ගත්හ.


ඒ අනුව පෙම්වතා මගට පැමිණ පෙම්වතියට කතා කොට ඉබ්බාගමුවට එන ලෙසට කීවේය. ඔහු කුරුණෑගලට ඇවිත් පෙම්වතියට නැවත පණිවිඩයක් දුන්නේය. ඊට පිළිතුරු දුන් ඇය ඉබ්බාගමුවට එන්නට පොරොන්දු වූවාය. ඔහු පැමිණියේය. ඇය එන තුරු ඔහු  බලා සිටියේය. ටික වේලාවකින් පෙම්වතිය වෙනුවට ඇයගේ අම්මා පැමිණියාය.
ඔහු සැඟවී සිට නැවත පෙම්වතියට ඇමතුමක් ගත්තාය. මං ඇවිත් ඉන්නේ එන්න යැයි පිළිතුරු දුන්නේ ඇය නොව ඇයගේ අම්මාය. ඒ සැණින් ඔහු දුරකතනය විසන්ධි කළේය.
දුවට ඉන්නකම් කෙනහිලිකම් කරපු පෙම්වතාට හොඳ පාඩමක් උගන්වන්නට අම්මා දුවට හොරෙන් දුව විදියට ඔහු සමග දුරකතන ජවනිකාවක රඟපා ඇති බව වටහා ගත් ඔහු හීං නූලෙන් එතැනින් බේරි පලා ගියාලු.

 

මොරගොල්ලාගම සිසිර කැලේගම

 



අදහස් (0)

තහනම් ගහේ ගෙඩි කඩන්න ගිහින් පෙම්වතියගේ අම්මාගේ උගුලට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site