IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


භාවනා මුවාවෙන් සූර් වී රස්සාවටත් තට්ටු වෙලා

හක්මන විශේෂ – දෙනගම යසන්ත ආරියසේන


නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක පැවැත්වෙන විශේෂ භාවනා වැඩසටහනකට යනවා යැයි රාජකාරී දිනක කාර්යාලයෙන් බැහැරව ගොස් මිතුරන් පිරිසක් සමග ප්‍රසිද්ධ ස්ථානයක තබාගෙන මධුවිතෙන් සප්පායම් වී පුද්ගලයකු සමග ආරවුලක් ඇති කරගත් සේවකයෙකුට ආයතන ප්‍රධානියා විසින් විනය ක්‍රියාමාර්ග ගත් කතා පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.
මහජනතාවට සේවය නිරන්තරයෙන් සිදුකරන ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත් රජයේ කාර්යාලයක්, ග්‍රාමීය කඳුකර ප්‍රදේශයක විය. වසර කිහිපයකට පෙර ස්ථාන මාරුවීමක් ලැබ සේවකයෙක් එම කාර්යාලයට පැමිණියේය. සේවයට වාර්තා කළ දිනවල සිට විවිධ සේවා අවශ්‍යතා සඳහා යැයි බැහැර යෑම ඔහු පුරුද්දක් කරගෙන සිටියේය. 
වෙසක් පොහොය දිනයට සමගාමීව භාවනා වැඩසටහනක් නගරයේ ශාලාවක සංවිධානය කර තිබුණි. භාවනා වැඩසටහනට සහභාගී වීමට යැයි ප්‍රධානියාට දන්වා බැහැර රාජකාරි වාර්තා කර, බැහැරට ගිය ඔහු මිතුරන් පිරිසක් සමග එක්ව මත්පැන් සාදයක් පැවැත්වීය.


ප්‍රධාන මාර්ගයක් අසල නිස්කලංක සුන්දර ස්ථානයක සාදය පැවැති අතර එම ස්ථානයෙන් ගමන් කිරීමට පැමිණි පුද්ගලයකු, මෙම සේවකයා සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.
සේවකයා පිළිබඳව හඳුනාගත්, ආරවුලට මුහුණ දුන් පුද්ගලයා එම අවස්ථාව රූපගත කරගත්තේය. සේවකයා සේවය කරන ආයතනයට එම පටිගත කිරීම ලැබීමට සලස්වා පැමිණිල්ලක්ද කළේය. පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලට අනුව ආයතන ප්‍රධානියා විමර්ශනය පැවැත් වූ අතර විමර්ශන නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී සේවකයා නිරුත්තර වූයේය. 
ආරවුලට මුහුණ දුන් පුද්ගලයාගෙන් සේවකයා සමාව අයැද සිටි අතර ආයතන ප්‍රධානියාගේ නිර්දේශ මත එම සේවකයාට දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
 ඔහු සිද්ධිය වසන් කර ගැනීමට කොතෙකුත් උත්සාහ කළද වෙසක් පොහොය දින කාර්යාලයේ ආගමික වැඩසටහනේදී ආයතන ප්‍රධානියා කළ ලු‍ණු ඇඹුල් සහිත දේශනාවත් සමග සිද්ධිය ලැව් ගින්නක් සේ කාර්යාලය පුරාපැතිර ගියේය. භාවනා වැඩසටහන කොහොමද යනුවෙන් කාර්යාල මිතුරු මිතුරියන් විමසීම නිසා සිය දුරකථනයද විසන්ධි කර තැබීමට ඔහු කටයුතු කර ඇති බව සැලවේ.

 



අදහස් (0)

භාවනා මුවාවෙන් සූර් වී රස්සාවටත් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site