වන්දනාවේ ගිහින් එද්දී බිරිඳ සැමියාගේ ‘රෑ බේත’ මතක් කරලා
වන්දනාවේ ගොස් එමින් සිටි බිරියගේ මතක් කිරීමකට අනුව අත්‍යවශ්‍ය ඖෂධයක් ලබා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසලකට ගොඩවූ සැමියා සුපිරි වෙළෙඳසලේ මත්පැන් අලෙවි කුටියට අදාළ පෝලිමේ රැඳී සිටි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මහනුවර ප්‍රදේශයේ ඥාති හිතමිතුරන් පිරිසක් සංවිධානය කරනු ලැබූ වන්දනා ගමනකට රජයේ විශ්‍රාමික ප්‍රධාන පෙළේ නිලතල දැරූ අඹුසැමි යුවළක්ද එක්ව සිටියහ. බිරිය වයස අවුරුදු අසූවක් පමණ වන අතර, සැමියාට වයස අසූපහක් පමණ වේ.
මහනුවර බලා ගමන් ගන්නා අතරතුර නගර