රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා
පැල්මඬුල්ල නගර මධ්‍යයේ දී පෙරේදා 19 වැනිදා දහවල් කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ තවත් කාන්තාවකගෙන් ප්‍රශ්න කිරීමේ දී ආරූඪයක් ආරෝපණයවීමෙන් ප්‍රහාරය එල්ල කළ බව පවසා ඇත.
එකට පැමිණි මිතුරියන් දෙදෙනා පෙරදින රාත්‍රී නවාතැන්පොළක කාමරයක් ගෙන නැවතී සිටි බවද පොලිසියේ දී අනාවරණය විය.
දෙනෝ දාහක් මැද එක් කාන්තාවක තවත් කාන්තාවකට කෙහෙවළු පටලවාගෙන පහරදීම් සිදු කරගන්නා ආකාරය නගරයේ සිටි ජනතාවට දැකගන්නට ලැබී ඇති බව පොලිසිය කියයි. එක් කතක ආවේගශීලිව කලහකාරි ලෙස හැසිරුණු ආකාරය ඒ අවස්ථාවේදී පැල්මඬුල්ල නගරයේ සිටි පිරිසට දකින්නට ලැබී තිබිණි.
විනාඩි විස්සකට ආසන්න කාලයක් මෙම ප්‍රහාරය සිදු වෙද්දි කිහිප දෙනෙක් එය වැලැක්වීමට උත්සාහ ගත්හ. පසුව පැල්මඬුල්ල පොලිසියේ නිලධාරින් ද නිලධාරිණියෝ ද පැමිණ කාන්තාවන් දෙදෙනාම අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියහ.
නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තාව සන්සුන් වු පසුව පොලිසියට පවසා ඇත්තේ තමාට ආරූඪයක් වැසුණු බවයි. තමා සමග පැල්මඬුල්ල නගරයට පැමිණි මිතුරියට ඒ නිසා පහර දෙන්නට ඇතැයි ද පහරදීමක් සිදුවූවා ද කියා තමා නොදන්නා බවද ඇය පොලිසියට ප්‍රකාශයක් කර තිබේ.
එක් කාන්තාවක අනුරාධපුරයේ බවත් අනෙක් කාන්තාව කොළඹ ප්‍රදේශයේ බවත් පොලිසිය පවසයි.
බස් රථයක් තුළට නැගගත් පසු බසය තුළදී ආරූඪවීමෙන් ඇය නොසන්සුන් ලෙස හැසිරුණු නිසා ඇය බසයෙන් බස්සවා ගත් පසු ඇය ආරූඪයෙන් තමාට පහරදුන් බව මිතුරිය ද පොලිසියට පවසා තිබුණි. කාන්තාවන් දෙදෙනාගේ කැමැත්තෙන් සිද්ධිය සමථයකට පත් වූ නිසා ඔවුන් මුදාහැරිය බව පොලිසිය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1886
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1515
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බසයේදී ආරූඪ වෙලා කතක් මිතුරියට අම්බානක නෙළලා