රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන
සහනාධාර ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කර බැලීමට තම නිවෙසට පැමිණි රූමත් තරුණියන් තිදෙනකුට වශීවී තම අසරණ මව්පියන්ගේ වැඩිහිටි දීමනාවත් සමෘද්ධි දීමනාවත් අහිමි කරගෙන කාර්යාල ගානේ ගොස් හඬා වැටෙන ගැටයකු ගැන අපූරු පුවතක් ගාල්ලේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
තම අසරණ මව හා පියා සමග කටුමැටි ගසන ලද නිවෙසක ජීවත් වූ කඩවසම් තරුණයකු වයෝවෘද්ධ මවුපියන්ට ලැබෙන වැඩිහිටි දීමනාවෙන් හා ඔවුන්ට ලැබෙන සමෘද්ධි දීමනාවෙන් ජීවත් වුවත් එය ඔවුන්ට වේලක් හැර වේලක් කෑමටවත් ප්‍රමාණවත් නොවීය.
ඔවුන්ගේ අසරණකම නිසා ගමේ පිරිස් ද අඩුපාඩු සොයා බලා කෑම බීම ටිකක් මේ පවුලේ අයට දීමට තරම් කාරුණික වූයේ දෙමහල්ලන්ගේ ඇති ගුණ යහපත්කම නිසාමය.
ගැටවර වියේ පසුවූ මෙම දෙමහල්ලන්ගේ අවිවාහක පුත්‍රයාට ස්ථිර රැකියාවක් නොතිබූ අතර ඔහු වාහන සේල් කරන ආයතනයක බ්‍රෝකර්වරයකු (තැරැව්කරුවකු) ලෙස කටයුතු කළේය. ඔහුට ඉන් ලැබුණේ සොච්චම්කි. ඇතැම් මාසවල සතයක හෝ ආදායමක් නොලැබුණු අතර ඔහු ජීවත් වූයේ ද මව්පියන්ට රජයෙන් ලැබෙන ආධාරයෙන් උයා දෙන යමක් ගිල දැමීමෙනි. ඇතැම් මාසවල කීයක් හෝ ලැබුණ ද එය ඔහුගේ අවශ්‍යතාවලටවත් ප්‍රමාණවත් නොවීය.
දුප්පත්කම තිබුණ ද ඔහු තම මිතුරන්ට ඇඟවූයේ තමා ධනවතෙකු ලෙසය. එමෙන්ම මනමාලකම ඉහ වහා ගිය මේ කොලු ගැටයා රූමත් තරුණියන්ට බැල්ම හෙලුව ද කිසිම තරුණියක මොහු හා ඇඟෑලුම් කම් නොදැක්වූයේ ඔහු ගැන හොඳහැටි දන්නා බැවිනි.
මේ අල්ල පනල්ලේ රූමත් යුවතියන් තිදෙනකු තම නිවසට එන අයුරු දුටු ඔහු පස්වනක් ප්‍රීතියෙන් නිවස තුළට දිව ගොස් හැඩ වැඩ වී එළියට පැමිණියේ සුපුරුදු මනමාල සිනහවකින් ද මුව සරසා ගනිමිනි.
පසුව මේ සෙල්ලක්කාර වියේ පසුවන යුවතියන්ට ද ගැටයාගේ තරම තේරුම් ගිය බැවින් තමා පැමිණි කාරණය පැවසුවේ ඉඟි බිඟි පාමිනි. නිලධාරිනියන් වූ මෙම යුවතියෝ මොහු මුරුංග අත්තේ තබා පවුලේ ආදායම, වත්කම් ඇතුළු සියලු තොරතුරු විමසූහ. එවිට තරුණයා තම පවුලේ නිවැරැදි ආදායම ගැන පැවසීම මහත් මදිකමක් වේ යැයි සිතා හිතට දිරිය ගෙන මනමාල බැල්මක් ද හෙළා තමා ව්‍යාපාරිකයකු බවත් මාසික ආදායම ලක්ෂයකට වඩා වැඩි බවත් පැවසුවේ තරුණියන්ට ඉඟියක් ද කරමිනි.
කෙසේ වුවද පසුගිය දිනවල අස්වැසුම ආධාර ලබාදෙන ලේඛන ප්‍රසිද්ධ කළ අතර එම පවුලේ නම් කැපී ගොස් තිබුණි. මේ ගැන ගමේ සියලු දෙනාම මවිතයට පත් වී නිලධාරීන්ට දෙස් දෙවොල් තබන්නට වූ අතර මෙම තරුණයාට ද කළ වරදේ තරම තේරී හීන්දාඩිය දැම්මේය.
පසුව සොයා බැලීමේ දී සිද්ධිය දැනගත් පිරිස් මේ ගැටයාට බැන වදින්නට වූයෙන් මාපියන්ගේ වැඩිහිටි ආධාර හා සමෘද්ධි ආධාරය නැවත ලබා ගැනීම සඳහා කඳුළු සලමින් තැන තැන ඇවිදිනවාලු.
මේ වන විට ඔහු මහත් සේ ලජ්ජාවටත් වේදනාවටත් පත්ව ඇති අතර සිද්ධිය දන්නා අය මෝඩකමට බේත් නැතැයි විහිළු කරනවාලු.
2025 ඔක්තෝබර් මස 08
1886
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1515
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෙල්ලන් තිදෙනෙකුට පුතා වහ වැටි අම්මා තාත්තා දෙන්නත් බඩගින්නේ