මොරගොල්ලාගම සිසිර කැලේගම
වසර ගණනාවක් එක නිවසේ සිටි සිය සැමියා තම බිරියගේ නම නොදැන සිටීමේ පුවතක් පොල්පිතිගමින් අසන්නට ලැබිණි.
අස්වැසුම සමාජ ප්‍රතිලාබය ගැනීමට මෙම තැනැත්තා ද දුරකතර ගෙවා පැමිණ පෝලිමේ රැඳී සිටියේය. ගම්බද පෙදෙසක ජීවත් වෙන ඔහු හා බිරියත් අකුරු සාස්තරය නොදන්නීය.
ගමෙන් ගමට කල්තියා පැමිණ ඊට අදාළ පත්‍රිකාවන් පුරවා දී තිබේ. ඔවුන් නිවෙස්වලට පැමිණ පත්‍රිකා කොටස රැගෙන එහි නම තිබෙන තැනැත්තා පත්‍රිකාව පිරවීමටත්, ඉන් අනතුරුව ගිණුම් ඇරීමටත් බැංකු වෙතටත් යා යුතුය.
ගෘහ මූලිකයා ඒ සඳහා යා යුතු නිසා මෙම තැනැත්තා ද පත්‍රිකා කොටසත් රැගෙන එහි ගොස් ඇත්තේ නිවසේ ගෘහ මූලිකයා තමා වූ නිසාය.
කල්වේලා ඇතිව පත්‍රිකා කොටස නිලධාරීන්ට බාර දී තිබුණි. එහෙත් ඔහුගේ නාමය අඩ ගසන්නේ නැත. පසුව ඔහු ඒ ගැන විපරම් කර සිටියේය. එවැනි නමක් සහිත පත්‍රිකාවක් එහි නැත. තමා ගෙනාවේ කාගේ පත්‍රිකාව ද නිලධාරිහු විමසා සිටියහ, මම ගෙනාවේ මගේ පත්‍රිකාව, ඔහු නිලධාරීන්ට ද දොස් නගමින් පවසා සිටියේය. අවසානයේ නිලධාරින් දැඩි අපහසුතාවලට පත්ව එය සෙව්වත් එවැනි නාමයක් එහි නොතිබුණි.
කාන්තා නාමය සඳහන් පත්‍රිකාවක් ඇත. එහි අයිතිකරුවෙක් ද නොවීය. එය එසේ නම් ඔයාගේ බිරියගේ එක විය හැකිය. බිරියගේ නම මොකක්දැයි ඔවුහු විමසා සිටියහ.
පුදුමයකි. ඔහු බිරියගේ නම දන්නේ නැත. ඔහු ඇය “කළු” යනුවෙන් අමතන නමුත් කලුගේ සැබෑ නාමය ඔහු දන්නේ නැත.
නිවසට සමීක්ෂණයට පැමිණි අය අදාළ පත්‍රිකාව පුරවා ඇත්තේ මොහු නමට නොව, තම බිරියගේ නාමයටයි. කෙසේ වෙතත් බොහෝ වේලාවක් පෝලිමේ රැඳී සිටි ඔහුට නාමය නොදන්නා බිරියගේ නම අසා දැන ගන්නා ලෙසටත්, ඒ අනුව එම නාමය ඇයගේ බවට නිවැරැදි නම් බිරියත් රැගෙන ආපසු ඇවිත් අයිතිකරුවෙකු නැති පත්‍රිකාව අනන්‍යතාව තහවුරුකර ලබා ගන්නා ලෙසටත් නිලධාරීහු දැනුම් දුන්හ. ඉන්පසු ඔහු බිරිය කැටුව එන්නට ඔහු එතැනින් නික්ම ගියේ පිම්මේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනකොට ඔහොම වෙන්න ඉඩ තිබෙනවා.