IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෙල්ලන් නාන හැටි බලන්න අනංගයා ගහක් උඩ

ඇළක දිය නාමින් සිටි තරුණියන් දෙදෙනකු දෙස ගසක් මුදුනකට නැග බලා සිටි තරුණයෙකුට අපූරු පාඩමක් ඉගැන් වූ තරුණ ගම්වාසීන් පිරිසක් පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 20 ක හා 22 ක අවිවාහක දෙදෙනකු ඔවුන්ගේ නිවාසවල සිට මීටර් 200 ක් පමණ ඈතින් ගලා බසින ඇළකට ඉකුත් දා සවසක දිය නෑමට ගොස් තිබුණි. තරුණියෝ දෙදෙනා ඇඳුම් ගලවා චීත්ත ඇඳගෙන කිළිටි ඇඳුම් සෝදා ඇළේ තිබුණු ගලක් මත තබා දිය නෑමට තරමක් ගැඹුරු වළක් තිබුණු තැනකට ගියහ. සිනාසෙමින් දිය කෙළිමින් තරුණියන් දෙදෙනා දිගෙන් ගොඩට පැමිණියේ සබන් ගෑමටය.
එක් තරුණියක චීත්තයේ ගැටය ගලවා ඇඟේ සබන් ගාමින් සිටින අවස්ථාවේ දී අසල පිහිටි ගසක සිට දුරකතනයක් නාද වී එකවර නාදය නතර වූ අයුරු ඔවුන්ට ඇසුණි. තරුණිය සබන් ගෑම පසෙකලා දුරකතනය නාද වූ ගස දෙස බැලු‍වාය.
ගස මුදුණේ අත්තක යම් පුද්ගලයෙකු සැඟව සිටින අයුරු දුටු තරුණිය වහාම නිවසට දිව ගොස් 55 හැවිරිදි පියාට තමන් අල්ලපු ගෙදර නංගි සමග නාමින් සිටින අවස්ථාවේ දී කවුද ගසක සිට බලා සිටිනවා යැයි පැවසුවාය. කාමරයක සිටි 25 හැවිරිදි වැඩිමල් සහෝදරයාට එය ඇසී එකවර ඇළේ නාන තොටුපොළ වෙත දිව ගියේය. ඔහු පසු පසින් තරුණිය හා පියා ද නාන තොටුපොළට දිව ගියහ.
‘‘අයියේ අන්න අර ගහේ තමයි කවුද ඉන්නවා දැක්කේ’’ යැයි තරුණිය පැවසුවාය. පසුව තරුණයා හා පියා ගස මුලට ගොස් බලන අවස්ථාවේ දී අල්ලපු ගමේ පදිංචිව සිටින කාන්තාවන් තිදෙනකු සමග පවුල් කා අතහැර දමා දැනට කිසිම කාන්තා ඇසුරක් නොමැතිව සිටින වයස අවුරුදු 48 ක පමණ දන්නා හඳුනන පුද්ගලයකු බවට ඔවුහු හඳුනා ගත්හ. පසුව තරුණායා ගස මුල සිට දුරකතනයෙන් තරුණයින් ⁣කිහිප දෙනෙකුට කතා කොට ඔවුන් ද ගස මුලට ගෙන්වා ගත්තේය.
තරුණියගේ පියා සහෝදරයා හා අසල්වැසියන් තරුණයින් ගස මුදුණේ සිටින පුද්ගලයාට බිමට බහින ලෙස කීප වතාවක්ම දැන්වුව ද ඔහු බිමට බැස්සේ නැත. පසුව තරුණියගේ පියා ගසට නැගීමට සූදානම් වූ අවස්ථාවේ දී ගසේ සිටි පුද්ගලයා හෙමින් හෙමින් බිමට බැස්සේය. බිමට බැස ගත් පුද්ගලයා දිව යාමට සුදානම් වූ අවස්ථාවේ දී  පිරිස ඔහු අල්ලා ගත්හ.
පසුව තරුණියගේ පියා අල්ලා ගත් පුද්ගලයාට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා නිවසට ගොස් තම වයෝවෘද්ධ මවටත් අල්ලපු ගෙවල්වල සිටින වයෝවෘද්ධ කාන්තාවන් කිහිප දෙනෙකුටත් දිය නෑමට පැමිණෙන ලෙස කීය.
පසුව මව ඇතුළු ගමේ සිටින මහත දෙහෙත වයෝවෘද්ධ කාන්තාවක ඇතුළු සිව් දෙනෙක් ඇළට දිය නෑමටත් රෙදි සේදීමටත් පැමිණියහ.
තරුණියගේ පියා අල්ලා ගත් පුද්ගලයාට ‘‘උඹ කසාද ගෑනිවත් එළවා දැම්මා දරු දෙන්නා තැන් තැන්වල දුක් විඳිනවා . ඊට පස්සේ තවත් ගෑනු දෙදෙනෙක් උඹ ගෙනාවා. ඒ ගෑනු දෙන්නත් කාලයක් තියාගෙන එළවලා දැන් කෙල්ලෝ නාන දිහා ගස් උඩට වෙලා බලා ඉන්නවා.  දැන් ඇති වෙනකම් අපේ අම්මා මේ නැන්දලා නාන දෙස ඇස් පිය නොගසා බලාගෙන හිටපන් යැයි පැවසීය.
‘‘මේ වෙන විට ගමේ ලොකු කුඩා බොහෝ පිරිසක් ඇළ අසලට පැමිණ බලා සිටින්නට වූහ.
ගමේ වයෝවෘද්ධ කාන්තාවන් සිව් දෙනා ද සිනාමුසු මුහුණින් චිත්ත ඇඳගෙන ඇළේ දිය නාමින් සිටියහ. වයෝවෘද්ධ කාන්තාවන් දෙස නොබලා බිම බලා සිටින පුද්ගලයා තරුණියගේ පියාගෙන් සමාව ඉල්ලා වැරැද්ද භාර ගෙන යළි කිසි දවසක ඔවැනි දෙයක් නොකරන බවට පොරොන්දු වූයේය.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 

 



අදහස් (0)

කෙල්ලන් නාන හැටි බලන්න අනංගයා ගහක් උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 902 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site