IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


සෞන්දර්යයට ගිය ගුරුවරියෝ නිවාස අඩස්සියේ

ජීවිතේ කවදාවත්ම අමතක නොවන පාඩමක් ආරක්ෂක නිලධාරියකුගෙන් ඉගෙන ගත් ගුරුවරියන් දෙතුන් දෙනෙකු පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රසිද්ධ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.
මේ විදුහලේ සෞන්දර්ය ඒකකය පවත්වාගෙන ගියේ වෙනම ගොඩනැගිල්ලකය. එය තට්ටු කිහිපයකින් සමන්විතය. සංගීතය වැනි සෞන්දර්ය විෂයන් ඉගැන් වුණේ ඉහළ මාලවලය. ඒ නිසා එම විෂයයන් උගන් වන ගුරුවරියන් වැඩියෙන්ම ගැවසුණේ ද එම මහල වලය.
එදා සිකුරාදා දිනයකි. එදින පාසල් කාලය අහවරය. ගුරුන්, සිසුන් ඇතුලු‍ සියලු‍ දෙනාම නිවෙස් කරා ගොසිනි. ආරක්ෂක නිලධාරියා පාසල වටා රවුමක් ගියේ අමතකවීමකින් නොවසා ගිය පන්ති කාමර සහ ගොඩනැගිලි වසා දැමීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුහලේ සෞන්දර්ය ඒකකයට ඇතුළුවීමට තිබූ පළමු මහලේ දොර වසා නොතිබිණි. යතුර ද දොර කටේය. එය දුටු ආරක්ෂක නිලධාරියා එදින  එය භාවිත කළ ගුරුවරුන්ට හා සිසුන්ට සිතෙන් බැන බැන එහි දොර වසා දමා  යතුර සිය ආරක්ෂක නිලධාරී කුටියට ගෙන ගියේය. සිය දවසේ රාජකාරිය නිම කළ ආරක්ෂක නිලධාරියා දවාලට කෑම කා විවේකයෙන් සිටියේය.
එදා එම විදුහලේ සෞන්දර්ය ඒකකයේ ගුරුවරියන් කිහිප දෙනෙකු සෞන්දර්ය ඒකකයේ උඩ මහලවල  විනාඩි කිහිපයක් රැඳී සිටියේ අවශ්‍යතාවන්ටය. එම කාර්යයන් නිමවී ඔවුන් පහත මාලයට පැමිණියේ නිවෙස් කරා යාමටය. ඔවුන්ට දෙවියන් බුදුන් සිහිවූයේ පළමු මහලයේ දොර වසා දමා දොරේ යතුරත් රැගෙන ගොස් ඇති අයුරු දැකීමෙනි.
කරන්නට කිසිම දෙයක් නැත. ආරක්ෂක නිලධාරියා පේනතෙක් මානයේ නැත. මේ ගුරුවරියන් පිරිස ආරක්ෂක නිලධාරියාට මහ හයියෙන් කතා කළහ. විදුහලේ ප්‍රධාන ගේට්ටුවේ කුටියේ ඉන්න ආරක්ෂක නිලධාරියාට ඔවුනගේ ඒ හඩ ප්‍රමාණවත් නොවීය. ඒ එක්කම ගුරුවරියන්ගේ හිස් ගිනි ගෙන තිබිණි. දැන් මෙතනින් යන හැටි කුස ගින්නේ සිටි ඔවුහු කල්පනා කළහ.
එක ගුරුවරියක් ළග තිබූ ජංගම දුරකතනයෙන් හතර වටේටම කතා කළේ ආරක්ෂක නිලධාරියාට තමන් සිටි නිවාස අඩස්සියෙන් මුදවා ගැනීමටය. මේ ක්‍රියාන්විතයට බොහෝ වෙලාවක් ගතවී තිබිණ. යම් හෙයකින් මේ පිරිස ළඟ ජංගම දුරකතනයක් නොතිබුණේ නම් හෝ තිබුණු ජංගම දුරකතනවල බැටරි බැස තිබුණේ නම් මේ අයට සෞන්දර්ය ඒකක නිවාස අඩස්සියෙන් නිදහස් වන්නට වන්නේ සඳුදා උදේය. එසේ වූවානම් මේ සිද්ධිය වාර්තා වනුයේ මොන ආකාරයකින් දැයි කිව නොහැකි බව මේ සිදුවීම දත් බොහෝ අය කීහ.

කරන්දෙණිය  එම්.සුසිල් පියන්

 



අදහස් (0)

සෞන්දර්යයට ගිය ගුරුවරියෝ නිවාස අඩස්සියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 629 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 763 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 657 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1241 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 720 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 778 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 640 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 166 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1191 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site