ආයතනයට අලුතින් පත්ව පැමිණි ආයතන ප්‍රධානියා නිසා මුහුණූ පොතේ සිදුකළ රඟපෑම්වලට සමු දීමට සිදු වූ සේවකයෙකු සම්බන්ධ පුවතක් මහනුවරට නුදුරු දුම්බර ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා රජයට සම්බන්ධ ආයතනයක සේවය කළ අයෙකි. මොහු නිරන්තරයෙන් මුහුණු පොතේ තුළ සැරිසරන අයෙකි. මුහුණු පොත තුළ පළවන විවිධ පොස්ටු, විඩීයෝ සඳහා තම නිදහස් අදහස් පළ කරමින් ඒ තුළ ජනප්‍රියතාවක් මෙන්ම වීරවරයකු ලෙස ද හැසිරෙන අයෙකි.
තම මුහුණු පොතේ ගිණුම තුළ විවිධ ආකාරයේ මිතුරන් රැසක් ද සිටින අතර ඒ අතර ආයතනවල ප්‍රධානීහු ද රැසක් ද වූහ.
මේ අතර ඔහු සේවය කළ ආයතනයේ ප්‍රධානියා හදිසියේ වෙනත් ආයතනයකට ස්ථාන මාරු වී ගිය අතර ඔහුගේ මුහුණු පොතේ මිතුරකු වූ අයෙක් ආයතන ප්‍රධානියා ලෙස පත්ව පැමිණියේය.
මේ හේතුවෙන් අදාළ පුද්ගලයාට මුහුණු පොත තුළ සිදු කරගෙන පැමිණි රඟපෑම් සඳහා යම් තහංචියක් පනවා ගැනීමට සිදු විය. ඒ තම අලුත් ආයතන ප්‍රධානියා ද මුහුණු පොත තුළ සැරි සැරීම නිසාය.
වෙනදා මෙන් තමන් මුහුණු පොත තුළ නොසීටීම සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් විසින් විටින් විට තොරතුරු විමසන්නට වූ අතර, ඒ සඳහා පිළිතුරු ලෙස සිදුවී ඇති දේ පැවසුවේ දුක් අඳෝනාවක් ලෙසිනි.
ඔහුගේ අඳෝනාව ඇසු ඔහුගේ මිතුරන් ‘ෆෙස්බුක් වීරයාගේ’ හුළං බැහැලා යන්න මිතුරන් අතර වැඩි කලක් යන්නට මත්තෙන් ප්‍රසිද්ධ වන්නට විය.
කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ
2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
902
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ෆේස්බුක් වීරයාගේ හුළං බැහැලා ජරමරේ