අනියම් සම්බන්ධය නතර කිරීමට බැරි තැන අනියම් පෙම්වතාගේ සහෝදරයාට අයත් යතුරු පැදියක ටයර් කපා සැඟවූ පුවතක් තලාව නගරයට ආසන්න ගම්මානයකින් වාර්තා වේ.
පාසල් කාලයේ පැවැති පෙම් පලහිලව්වක් මල්පල ගැන්වී තරුණ යුවළක් මවුපිය ආශිර්වාදය මැද දැනට වසර ගණනාවකට පෙර විවාහ වී තිබේ.
කාලය ගතවෙද්දි දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් වූ මොවුන්ට අග හිඟකම් වැඩිවන්නට විය.
බිරිය තීරණය කොට ඇත්තේ ආර්ථික අහේනියෙන් ගොඩඑන්නට විදේශගතවීමටය. එයට අවසර දුන් සැමියා තම දරුවන් දෙදෙනාද හදාවඩාගෙන බිරිඳ එවූ මුදල් අරපරිස්සමින් වියපැහැදම් කළේය.
කාලය ගතවූ පසු බිරිය මේ රටට පැමිණි අතර ඇය ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පටන්ගෙන ගොස් ඇති අතර එය නතර කිරීමට බැරි තත්වයකටම පත්විය.
දිගින් දිගටම මෙම අනියම් සම්බන්ධය නතර කිරීමට සැමියා බිරිඳට අවවාද දුන්නද පලක් නොවූ අතර අවසානයේ දෙදෙනා විරසක වී බිරිඳ ඇගේ මවුපියන්ගේ නිවසට ගොස් තිබේ.
අනියම් සැමියා සොයාගෙන ඔහුගේ නිවසට ගියද කිසිවකු නිවසේ නොසිටි නිසා ඔහුගේ වැඩිමල් සොහොයුරාට අයත් මදුරුවා වර්ගයේ යතුරු පැදිය රැගෙන ගොස් එහි ටයර් කපා බිරිඳගේ නිවස පිටුපස කැලෑවක සඟවා තිබියදී තලාව පොලීසිය විසින් සොයාගෙන තිබිණි.
අනියම් සැමියාගෙන් ගැනීමට නොහැකි වූ පලිය යතුරු පැදියෙන් ගත් බව සැකකරු පොලිසියට පවසා තිබේ. තලාව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. අරුණ සම්පත් මහතා ප්‍රමුඛ නිලධාරින් මෙම යතුරු පැදිය සොයාගෙන තිබිණි.
රාජාංගණය නුවන් කුමාර
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිරියගේ අනියම් පෙමට සැමියාගෙන් ටයර් කොක්කක්