IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුවගේ උපන්දින තෑග්ගෙන් පොඩි නැන්දාට තරු පෙනිලා

කරන්දෙණිය-එම්. සුසිල් ප්‍රියන්ත
නීතීඥ දුව විසින් තම පොඩි නැන්දාගේ උපන්දිනය සැමරීමට භාවිත කළ නවමු ක්‍රමය නිසා පොඩි නැන්දාගේ හදවත නොනැවතී අනූනවයෙන් ජීවිතය බේරුණු සිදුවීමක් වතුගෙදර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 
 මෙහි කතා නායිකාව වන ගුරුවරියට ඔන්ලයින් තාක්ෂණයෙන් ඇණවුම් කළ පාර්සලයක් ශීඝ්‍රගාමී පාර්සල් බෙදාහැරීමේ ආයතනයකින් රැගෙන එන්නේ ඇගේ නිවෙසටය. පාර්සල්  බෙදන්නා පාර්සලයේ තොරතුරු අනුව එම පාර්සලය අත්සන් කොට එය ලබාගන්නා ලෙස දැනුම් දුන්නේය.
එයින් කලබලයටත් විමතියටත් පත්වූ ගුරුවරිය සිය නමට ඇණවුම් කර තිබූ පාර්සලය බාර ගැනීම ප්‍රතික්ෂේප කළාය. තමා පාර්සලයක් ඇණවුම් නොකළ බව පවසමින් ඇය පාර්සලය ලබා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළාය.


මේක බෝම්බයක් ද දන්නේ නැති බවද ඇය කියමින් පාර්සලය බාර ගැනීම තව දුරටත් ප්‍රතික්ෂේප කළාය. මම පාර්සලයක් ඇනවුම් කළෙත් නැහැ මට පාර්සලයක් මෙහෙම එවන්න කෙනෙක් ද නැතැයි කියමින් පාර්සලය ගෙන ආ නිලධාරියා තුෂ්නිම් භූත කරවමින් පාර්සලය බාර ගැනීම ප්‍රතික්ෂේප කළේ සේවකයා ද අන්ත අසරණ කරමිනි. 
මේ සමගම  මෙතෙක්  වෙලා ඇයගේ මල්ලේ නිහඬව සිටි බළලා මල්ලෙන් පැන්නේය. ‘මේ පාර්සලය මොකක් වුණත් කමක් නැහැ මේ සඳහා මට මුදල් නොගෙවන්න තිබුණා නම්’ යයි ඇය කීවේ පාර්සල් බෙදා හැරීමේ සේවකයාට ද ඇසෙන සේය.


‘අනේ නෑ මිස් මේකට ඔක්කෝම සල්ලි බැඳලා තියෙන්නේ. අනේ අත්සන් කරලා පාර්සලය අරගෙන මාව නිදහස් කරන්නකෝ...’ කියමින් ඔහු ඇය ඉදිරියේ බැගෑපත් වෙමින් කීවේය. ‘හානේ ඇත්තදැයි කියමින් අත්සන් කොට පාර්සලය ගත්තත් එය කැඩීමට දැඩි බියක් දැක්වූවාය. ඒ පාර්සලයේ මොනවා තිබේ දැයි යන්න ඇය තුළ තිබූ දැඩි කුකුස නිසාමය. තමාව විනාශ කරන්න එවූ බෝම්බයක් දැයි සිතූ ඇය එය විවෘත කරන විටදී පුපුරවන්න සැලසුම් කර ඇති දැයි සැක කළාය.
ඇයගේ පපුවෙන් බිත්තර තැම්බිය හැකි වාතාවරණයක් තිබියදී ඇය බොහෝම සීරුමාරුවට පාර්සලය විවෘත කළාය.එය වටිනා සාරියකි. දහස් ගණනක් වටිනා සාරියකි. පොඩි නැන්දාට සුභ උපන්දිනයක් වේවා  යයි පොඩි සටහනක් එහි තුළ දැකීමෙන් නවතින්න  ඔන්න මෙන්න සේ ගැහෙමින් නතරවීමට  තිබූ හදවත ආයෙමත් ලබ් ඩබ් කියමින් දුවන්න පටන්ගත්තේ සොහොයුරාගේ දුව සිහිවීමෙනි.



අදහස් (0)

දුවගේ උපන්දින තෑග්ගෙන් පොඩි නැන්දාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 902 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site