IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කාන්තා රැස්වීමේ වැලිතලප සිද්ධියෙන් පටි ගැලවිලා

කාන්තා රැස්වීමකදී ලබාදුන් වැලිතලප සංග්‍රහයකින් අනතුරුව ඉතිරි වැලිතලප ටික පැමිණි කාන්තාවන් තිදෙනකු විසින්  රැගෙන යමින් සිටිය දී මාට්ටුවීමේ පුවතක්  දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරිනියකගේ ද සහභාගිත්වයෙන් මාසිකව රැස්වෙන කාන්තා සංවිධානයක් පසුගියදා එහි සාමාජිකාවකගේ නිවසේ රැස්වී  තිබුණි.  
මෙම කාන්තා සමිතිය එහි සාමාජිකාවකගේ නිවෙසක රැස්වෙන  අතර  මෙවර එය පැවැත්වුණේ අතමිට සරු කාන්තාවකගේ නිවසකදීය. සම්ප්‍රදායක් ලෙස රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව නිවැසි  කාන්තාව විසින් තේ පැන් සංග්‍රහයක් ලබා දීම සිදු කෙරෙන  අතර මෙවර පැමිණි සාමාජිකාවන්ට වැලිතලප සංග්‍රහයක් ලබා දීමට ද කටයුතු යොදා තිබුණි.
කපන ලද වැලිතලප කැබලි අයිස් ක්‍රීම් භාජන දෙකක අසුරා තිබූ  අතර තේ පැන් සංග්‍රහයට පෙරාතුව ඒවා අතින් අත යවමින් වැලිතලප බෙදාගැනීම සිදුවිය. අනතුරුව තේපැන් සංග්‍රහය සිදු කෙරුණි.
රැස්වීම අවසානයේ වැලිතලප භාජන දෙක පුටු දෙකකත් එහි පියන් දෙක තවත් පුටුවකත් තිබෙනු දැකගත හැකි විය.
ඉතිරි වැලිතලප  පිළිබඳව විමසිල්ලෙන් සිටි  කාන්තාවන් දෙදෙනෙකුට එක් භාජනයක  විශාල ප්‍රමාණයක් ඉතිරිව තිබෙනු දැක ගැනීමට හැකිවිය.
වහා ක්‍රියාත්මක වූ ඔවුන් දෙදෙනා වැලිතලප කැබලි කීපය බැගින් ගෙන සිය ගමන් මලු‍ තුළ සඟවා ගත්හ. දැන් රැස්වීම අවසන්ව පිරිස පිට වෙමින් සිටි අතර තවත් කාන්තාවක් තමා  ගෙනා භාජනයක් රැගෙන යන්නාසේ ඉතිරි වැලිතලප  භාජනයම සිය  ගමන්  මල්ලේ  ඔබාගෙන නිවසින් පිටවී  ගියාය.
රැස්වීම  අවසානයේ නිවැසි කාන්තාව හා පවුලේ  අය පුටු  මේසාදිය  අස්පස් කළ අතර එහිදී වැලිතලප දමා තිබුණු එක්  භාජනයක්  සොයා ගැනීමට නොහැකි  විය. පසුව  නිවසේ  ආරක්ෂිත කැමරා  පරීක්ෂා කිරීමේ දී සිදුවී  ඇති සියල්ල සජීවීව එහි සටහන්වී  තිබෙනු  දැකගත  හැකිවී  තිබේ.
සිද්ධිය පිළිබඳව නිවැසි කාන්තාව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීතුමියට  හා  අසල්වැසි නිවෙස් දෙකක කාන්තාවන් දෙදෙනෙකුට  පවසා  ඇත්තේ  සුළු  සිද්ධියක්  බැවින් එය  කිසිවෙකුටවත්  නොපවසන ලෙසයි.
ප්‍රදේශයේ  කතා බහ  කළ  නොහැකි අත දරුවන් හැර සියලු‍ ගම්වැසියන් දැන් මේ සිද්ධිය  දන්නා  බැවින්  අර කාන්තාවන් තිදෙනාට  නිවසින් එළියට  බැසීමටවත්  නොහැකි තත්වයක් උදාවී  ඇතැයි ආරංචියි.

පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

කාන්තා රැස්වීමේ වැලිතලප සිද්ධියෙන් පටි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site