IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සේවකයාගේ ගුණමකුකමෙන් හාම්පුතාට ගිනිගෙඩියක් පාත්වෙලා

හේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා සංචාරක හෝටලයක කළමනාකරුවෙකි. දිනක් තම අරක්කැමි සේවකයා මෙම කළමනාකාරවරයාගෙන් ඉල්ලා සිට ඇත්තේ තමන් දුෂ්කර ප්‍රදේශයක සිට සේවයට පැමිණෙන හෙයින් තම ස්වාමියාගේ යතුරුපැදිය සේවා ස්ථානයට පැමිණීම සඳහා තමන් වෙත ලබාදීමට හැකියාව පවතීද යන්නයි. පසුව මෙම ඉල්ලීම ගැන සලකා බැලූ කළමනාකාරවරයා තමන් හෝටලය තුළ නේවාසිකව සිටින බැවින් යතුරු පැදියේ අවශ්‍යතාව එතරම්  නොවන බැවින් මෙම සේවකයා වෙත තම යතුරු පැදිය ටික දිනක් පාවිච්චිය සඳහා ලබාදීමට අදහස් කළේය.


ඒ අනුව මෙකී කළමනාකාරවරයා තම සේවකයා වෙත යතුරු පැදිය ඔහුගේ පරිහරණය සඳහා තාවකාලිකව ලබාදීමට කටයුතු කළේය. දැන් සේවකයාට ඉතාමත් ප්‍රීතිමත්ය. වෙනදා මාසයේ වැඩි දින ගණනාවක් ගමන් අපහසුතාව හේතුවෙන්  ප්‍රමාදවී සේවයට පැමිණෙන මෙකී සේවකයා දැන් නියමිත වේලාවටත් කලින් සේවයට පැමිණෙයි. මේ හේතුවෙන් කළමනාකාරවරයාද සිටින්නේ සතුටු සිතෙන්ය.
දැන් යතුරු පැදිය අදාළ සේවකයාට තාවකාලිකව ලබාදී  මාසයක් පමණ ගෙවී ගියේය. දිනක් මෙම සේවකයාගෙන් කළමනාකාරවරයා වෙත දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකතන ඇමතුමෙන් කියා සිටියේ තමන්ට වෙනත් තැනක රැකියාවක් ලැබී තිබීම හේතුවෙන් සුපුරුදු සේවා ස්ථානයෙන් අස්වී යන බවයි. එවිට තම යතුරු පැදිය ගැන සිහිවූ කළමනාකාරවරයා අදාළ සේවකයාට පවසා ඇත්තේ තමන් ලබාදුන් යතුරු පැදිය නැවත තමා වෙත ගෙනැවිත් භාරදෙන ලෙසයි. එවිට අදාළ සේවකයා ඊට එකඟතාව පළකර එය ගෙනත් දෙන බවට පොරොන්දු වී ඇත.


දැන් මෙම කතිකාවට දින පහක් පමණ ගෙවි ගියේය. යතුරු පැදිය ගෙනෙන පාටක් නොවූ හෙයින් නැවතත් අදාළ කළමනාකාරවරයා විසින් මෙකී සේවකයා වෙත දුරකතන ඇමතුම් කීපයක්  ලබා දුන්නද ඊට ප්‍රතිචාර දැක්වීමක්ද නොවූ තැන කළමනාකාරවරයා අදිටන් කර ගත්තේ මේ ගැන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි.
පසුව මෙම පැමිණිල්ල විභාග කිරීමේ දිනය පැමිණියේය. අදාළ සේවකයා සහ කළමනාකාරවරයා පොලිස් ස්ථානය වෙත පැමිණ සිටි අතර පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියා වෙත මෙකී සේවකයා පවසා ඇත්තේ තමන්ට  මෙම යතුරු පැදිය විකිණීම පිණිස අදාළ කළමනාකාරවරයා තමන්ගෙන් ලබාගත් රුපියල් හතළිස් දාහක මුදල ආපසු ලබාදුනහොත් යතුරු පැදිය නැවතත් කළමනාකාරවරයාට ලබාදීමට හැකියාවක් පවතින බවයි.
මෙම කතාව අසා කළමනාකාරවරයාට තරු විසිවිය. තමන් උදව්වක් වශයෙන් අදාළ සේවකයාට තාවකාලික පරිහරණය සඳහා ලබාදුන් යතුරු පැදිය නැවත තමන්වෙත ලබාගැනීම සඳහා රුපියල් හතළිස් දාහක් මෙම ගුණමකුවාට ලබාදීමට සිදුවීම ගැනයි.
මේ ගැන වෙන කිසිවක් කරකියා ගැනීමට නොහැකිවූ අදාළ කළමනාකාරවරයාට තමන්ගේම යතුරු පැදිය නැවත ලබාගැනීම සඳහා රුපියල් හතළිස් දාහක් අදාළ සේවකයාට ලබාදී නැවතත් තම යතුරුපැදිය තම භාරයට ගැනීමට සිදුවිය.
අනේ කාලේ වනේ වාසේ කියූ මෙම කළමනාකාරවරයා මේ ගැන ඉතාමත්  අසතුටට පත්ව මින්පසු මෙවැනි උපකාර කිසිවක් කිසිම කෙනෙකුට නොකිරීමට ගත් තීරණය සමගින් දැන් පසුතැවිල්ලෙන් කාලය ගත කරනවාලු‍.

කරාපිටිය 
ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා

 



අදහස් (0)

සේවකයාගේ ගුණමකුකමෙන් හාම්පුතාට ගිනිගෙඩියක් පාත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site