කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
සිප් කිරි පෙවූ පාසල් මාතාවට දැනෙන්න උදව්වක් කීරීමට එංගලන්තයේ සිට පැමිණි ආදි සිසුවකුට උදව්ව කරනවා තියා පාසලත් එපා කළ විදුහල්පතිනියක පිළිබඳ කතාවක් අසන්නට ලැබේ.
මේ විදුහල් මාතාව පෙව් සිප් කිරිවලට පින් සිදුවන්න ඔහු නැවතුණේ සුද්දන්ගේ රටේය. ඒ සුද්දන්ට සේවය කරන්නටය. ලොකු වේතනයකටය. ලැබුණේ පවුම් ය. ලංකා මුදලින් රුපියල් ලක්ෂ ගණනකි. තමාට සුද්දන්ගේ රටේ සේවය කරන්නට ලැබුණේ සිප් කිරි පෙවූ මව් නිසා බව ඔහුට නිතරම සිහියට ආවේය. සිය පාසල මතකයට නැගෙන මොහොතක් මොහොතක් පාසාම සිය රටට පැමිණි පසු ලොකු උපකාරයක් කළ යුතු යැයි ඔහුගේ සිත කීවේය.
ඒ අනුව වසර කිහිපයක් සුද්දන්ගේ රටේ සිට මෙරටට පැමිණි ඔහු ගියේ සිප් කිරි බිව් මව් තුරුලටය. ඒ විදුහල්පතිතුමිය හමුවී විදුහලට දැනෙන්න උදව්වක් කිරීමටය. ඔහුගේ අවශ්‍යතාව පිළිබඳව සේවකයන් ලවා විදුහල්පතිනියට පණිවිඩයක් යැව්වේය.
විදුහල්පතිනියගෙන් ලැබුණේ ටිකක් ඉන්න යයි කියාය. විදුහල්පති කාමරය ඉදිරිපිට ඔහු විනාඩි තිහක් සිටියේය. දැන් ඒ සඳහා අවස්ථාව ලැබේ යයි සිතමින් ඔහු කල් ගෙව්වේය. විනාඩි හැටක් ගෙවී ගියේය. තවත් වේලාවක් බලා සිටියේය. විදුහල්පතිතුමියගෙන් තමාට කැඳවීමක් නොලැබූ ඔහු ආපසු පාසල් ගේට්ටුවෙන් එළියට ආවේය.
තමාට සිප් කිරි පෙවූ පාසල් මාතාව දෙසට හැරුණේය. ඔහුගේ දෙනෙතේ කඳුළුය. දෑත් එකතු කළ ඔහු පාසල් මාතාවට වැන්දේ ආදි සිසුන්ගේ වටිනාකමක් දන්නා විදුහල්පති කෙනකු සිටින දිනයකදී සුද්දන්ගේ රටේ සිට පැමිණ අද කරන්න ආ උදව්වට දෙගුණයක උදව්වක් කරනවා යයි ඔහු සමග පැමිණි හිතවතකුට පැවැසුවේ පාසල් මාතාවට දණ නමස්කාර කරමින්ලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ද බුද්ධික විදුහල්පතිනියකි.
මේ වගේ නූගත්, ආඩම්බර ගුරුවරුන්ගෙන් ළමයින්ගේ අධ්‍යාපනයට අබ සරණයි...!
අමුතු ගැහැණියක්...
ඒ වෙලාවෙ විදුහල්පතිනිය අනංගයෙක් එක්ක හොර පෙමක වෙලිල තහනං ගහේ ගෙඩි කකා ඉන්ඩ ඇති
පාසලේ නම කියන්න බැරි මේක බොරුවක් නිසාද?
මේ වගේ උද්දච්ච මෝඩයින් කොහොමද අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට යහමග පෙන්වන්නේ...?
විදුහල්පති කෙනෙක් උනාට දරුවන් සමග ඊර්ෂ්‍යා කෙනෙක්. දරුවන්ගේ දියුනුව දකින්න අකමැති කෙනෙක්. මේ පාසලේ ලමයින්ට කාගේ පිහිටක් වෙයිද