IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රටින් ඇවිත් පාසලට උදව් කරන්න ගියාම විදුහල්පතිනිය දඬුවමක් දීලා

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


සිප් කිරි පෙවූ පාසල් මාතාවට දැනෙන්න උදව්වක් කීරීමට එංගලන්තයේ සිට පැමිණි ආදි සිසුවකුට උදව්ව කරනවා තියා පාසලත් එපා කළ විදුහල්පතිනියක පිළිබඳ කතාවක් අසන්නට ලැබේ.
මේ විදුහල් මාතාව පෙව් සිප් කිරිවලට පින් සිදුවන්න ඔහු නැවතුණේ සුද්දන්ගේ රටේය. ඒ සුද්දන්ට සේවය කරන්නටය. ලොකු වේතනයකටය. ලැබුණේ පවුම් ය. ලංකා මුදලින් රුපියල් ලක්ෂ ගණනකි. තමාට සුද්දන්ගේ රටේ සේවය කරන්නට ලැබුණේ සිප් කිරි පෙවූ මව් නිසා බව ඔහුට නිතරම සිහියට ආවේය. සිය පාසල මතකයට නැගෙන මොහොතක් මොහොතක් පාසාම සිය රටට පැමිණි පසු ලොකු උපකාරයක් කළ යුතු යැයි ඔහුගේ සිත කීවේය.
ඒ අනුව වසර කිහිපයක් සුද්දන්ගේ රටේ සිට මෙරටට පැමිණි ඔහු ගියේ සිප් කිරි බිව් මව් තුරුලටය. ඒ විදුහල්පතිතුමිය හමුවී විදුහලට දැනෙන්න උදව්වක් කිරීමටය. ඔහුගේ අවශ්‍යතාව පිළිබඳව සේවකයන් ලවා විදුහල්පතිනියට පණිවිඩයක් යැව්වේය.
විදුහල්පතිනියගෙන් ලැබුණේ ටිකක් ඉන්න යයි කියාය. විදුහල්පති කාමරය ඉදිරිපිට ඔහු විනාඩි තිහක් සිටියේය. දැන් ඒ සඳහා අවස්ථාව ලැබේ යයි සිතමින් ඔහු කල් ගෙව්වේය. විනාඩි හැටක් ගෙවී ගියේය. තවත් වේලාවක් බලා සිටියේය. විදුහල්පතිතුමියගෙන් තමාට කැඳවීමක් නොලැබූ ඔහු ආපසු පාසල් ගේට්ටුවෙන් එළියට ආවේය.
 තමාට සිප් කිරි පෙවූ පාසල් මාතාව දෙසට හැරුණේය. ඔහුගේ දෙනෙතේ කඳුළුය. දෑත් එකතු කළ ඔහු පාසල් මාතාවට වැන්දේ ආදි සිසුන්ගේ වටිනාකමක් දන්නා විදුහල්පති කෙනකු සිටින දිනයකදී සුද්දන්ගේ රටේ සිට පැමිණ අද කරන්න ආ උදව්වට දෙගුණයක උදව්වක් කරනවා යයි ඔහු සමග පැමිණි හිතවතකුට පැවැසුවේ පාසල් මාතාවට දණ නමස්කාර කරමින්ලු‍.



අදහස් (8)

රටින් ඇවිත් පාසලට උදව් කරන්න ගියාම විදුහල්පතිනිය දඬුවමක් දීලා

beau Wednesday, 02 August 2023 02:37 PM

මන්ද බුද්ධික විදුහල්පතිනියකි.

:       0       44

W.k.M. CHAMOD PRAVEEN ISURANGAFriday, 04 August 2023 10:40 PM

අද තියන රාජකාරිත් එක්ක විදුහල්පතිතුමිය කාර්යය බහුල වෙලා හිටියද දන්නේ නැහැ. කෙසේ නමුත් පාසලට අගනා අවස්ථාවක් මගහැරී ගොස් තියනවා.

:       0       0

දොන් සයිමන් Friday, 04 August 2023 11:30 AM

මේ වගේ නූගත්, ආඩම්බර ගුරුවරුන්ගෙන් ළමයින්ගේ අධ්‍යාපනයට අබ සරණයි...!

:       0       24

Hansi Friday, 04 August 2023 02:58 PM

අමුතු ගැහැණියක්...

:       0       15

sam Friday, 04 August 2023 04:05 PM

ඒ වෙලාවෙ විදුහල්පතිනිය අනංගයෙක් එක්ක හොර පෙමක වෙලිල තහනං ගහේ ගෙඩි කකා ඉන්ඩ ඇති

:       3       12

Sanju Friday, 04 August 2023 09:40 PM

පාසලේ නම කියන්න බැරි මේක බොරුවක් නිසාද?

:       0       0

සිරා Saturday, 05 August 2023 07:32 AM

මේ වගේ උද්දච්ච මෝඩයින් කොහොමද අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට යහමග පෙන්වන්නේ...?

:       0       5

Malika Monday, 07 August 2023 08:55 AM

විදුහල්පති කෙනෙක් උනාට දරුවන් සමග ඊර්ෂ්‍යා කෙනෙක්. දරුවන්ගේ දියුනුව දකින්න අකමැති කෙනෙක්. මේ පාසලේ ලමයින්ට කාගේ පිහිටක් වෙයිද

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1886 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site